දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

90

නිගමනය කථානායකට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පාර්ශ්ව දෙකක් විසින් ගොනුකර තිබූ විශේෂ පෙත්සම් විභාගය ඊයේ (28 දා) පස්වරුවේ අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් තම නිගමනය කඩිනමින් කථානායකවරයා වෙත යවන බව දැනුම් දුන්නේය.

ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරිකයකු වන චතුරංග අබේසිංහ සහ නීතිඥ අරුණි ලියනගේ විසින් ගොනුකර තිබූ එම පෙත්සම්, බුවනෙක අලුවිහාරේ, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්, නීතිඥ නුවන් බෝපගේ යන මහත්වරුන් පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment