දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්

93

රජය විසින් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා ප්‍රධාන පෙළේ වෙළෙඳ සමාගමක සාමාන්‍යාධිකාරිවරයකු වන උතුල සුරංග රණවීර මහතා ඊයේ (27 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.

සමස්ත වෘත්තිකයන් වෙනුවෙන් නීතිඥ එච්. එම්. තිලකරත්න, කනිෂ්ක විතාරණ සහ නීතිඥ සමනි රාජකරුණා යන නීතිඥවරුන් මාර්ගයෙන් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත. එකී බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් රටේ සියලු වෘත්තිකයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවටත් විශාල අසාධාරණයක් සිදුවන බවත් එමගින් පෙන්වා දී තිබූ පෙත්සම්කරු එබැවින් එම පනත් කෙටුම්පතේ අඩංගු 15, 16, 22, 29, 36 සහ 39 වගන්ති ඉවත් කිරීමට හෝ පාර්ලිමේන්තුවේ 3/2 ක බහුතරයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment