දේශීය ආර්ථිකය පස්ස ගසයි

167

නුදුරු කාලයේදී දේශීය ආර්ථික කටයුතුවල සැලකිය යුතු පසුබෑමක් වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු පවසයි.

මේ වසරේ (2022) දෙවන කාර්තුව තුළ දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මූලික වශයෙන් විදුලිය හා බලශක්ති හිඟය බලපා තිබිණි. එහිදී සැපයුම් අංශයෙන් ඇතිවන අඛණ්ඩ බාධාවීම් මගින් දැඩි ලෙස බලපෑම් ඇති කරනු ලැබ ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව පවසයි.

දැනටමත් මේ වසරේ (2022) පළමු වසරේදී සියයට 1.6 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත.

මෙසේ දේශීයව පවතින අහිතකර ප්‍රවණතා මධ්‍යයේ ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළ සහ සැපයුම්දාකයන්ට බලපා ඇති නැගෙනහිර යුරෝපයේ භූ දේශපාලනික අර්බුද නුදුරු කාලයේදී දේශීය ආර්ථික වර්ධනය කෙරෙහි තවදුරටත් අවදානම් ඇති කළ හැකි බවද මහ බැංකුව තවදුරටත් පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment