දේශීය කර්මාන්තවලට අමුදව්‍ය ගේන්න ඩොලර් නෑ: – ඒත් ආණ්ඩුවේ උදව්කරුවන්ට මිදී ඇපල් ගේන්න ඩොලර් තියෙනවා – මුජිබර් රහුමාන්

199

දේශීය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න ඩොලර් නැතත් ආණ්ඩුවේ උදව්කාරයන්ගේ මිදි ඇපල් ගේන්න ඩොලර් තිබෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් මහතා (සජබ) ඊයේ (8දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දේශීය කර්මාන්තවලට අමුද්‍රව්‍ය ගැනීමට ඩොලර් නොලැබීමෙන් රැුකියා දහස් ගණන් අවදානමට ලක්ව ඇතැයි ද හෙතෙම කීය.

එහිදී මන්තී‍්‍රවරයා මෙසේද කීය.

අද වෙළෙඳ අමාත්‍යාංශය කාර්ය භාරයක් නොමැති අමාත්‍යාංශයක් බවට පත්වෙලා. පහුගිය දවස්වල ඇමැතිතුමා බඩු මිල බලන්න හතරවන හරස් වීදියට ගියත් අද යන්නේ නැහැ. බඩු මිල ඉහළ යනවා. පාලන මිලක් නැහැ. කළුකඩකාරයන්ට ඕන විදිහට බඩු මිල තීරණය වෙනවා. ජනතාවට ජීවත් වෙන්න විදිහක් නැහැ. මේ ආණ්ඩුවට අසීමිත බලයක් ඇති කර ගත්තා. දඩ මුදල් වැඩි කර ගන්න. ඒත් පාලනය කර ගන්න බැරි වුණා.

සීනි වංචාව මහ බැංකු වංචාවට වැඩියි. ගෑස්වලින් කෝටි 1200 ක වංචාවක් වුණාලූ. සුදු ලූනු වංචාවක් වුණා. ප‍්‍රඥා බන්දු අරමුදලට වාණිජ නීතිගත සංස්ථාව මාස්ක් එකක් විකුණුවාම රුපියල් 2 ක් අරමුදලට යනවා. එහෙම වෙන්නේ කොහොමද?

දේශීය කර්මාන්ත දියුණු කරන්න ආණ්ඩුව ආවේ. අද පාවහන් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටවල්වලින්. ඩොලර් නැති නිසා අමුද්‍රව්‍ය ගෙන ඒම ඇනහිටලා. ලක්‍ෂ 5 ක් රැුකියා කරනවා. රැුකියා අනතුරේ. පාවහන් අමුද්‍රව්‍ය ගේන්න ඩොලර් නැහැ. ඒත් මිදි ගේන්න ඇපල් ගේන්න ඩොලර් තියෙනවා එහෙම කොහොමද වෙන්නේ.

අද පේමන්ට් එකේ සුපර් මාකට් එකේ මිදි අඩුවක් නැතිව තියෙනවා ඒවා පිටරටවල්වලින් ගේන්නේ. ඒවා ගේන්න ඩොලර් කොහෙන්ද? නමුත් දේශීය කර්මාන්ත ආරක්‍ෂා කරගන්න ඩොලර් නැහැ ආණ්ඩුවට. ආණ්ඩුවේ උදව්කාරයන්ට ඒ අයගේ බඩු ගේන්න ඩොලර් තියෙනවා. ඒක තමයි ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය.

කර්මාන්ත ආයතන කඩාවැටිලා ගෑස් ප‍්‍රශ්නයට සමාගම වගකිව යුතුයි කියලා ඇමැති කියනවා ඇයි ඊට එරෙහිව පියවර ගන්නේ නැත්තෙ ඇයි. මේ වංචාව වුණේ විධායකයත් දැනුවත්වයි. ගෑස් පමණක් නොව හැම පැත්තෙන්ම ජනතාවට ප‍්‍රශ්න ඇතිවෙලා. හෙට අනිද්දා වන විට මේ ආණ්ඩුවට දැනෙන ආකාරයට ජනතාව වීදි බසින එක වැඩි ඈතක නැහැ.

ගෑස් ප‍්‍රශ්නයට නිලධාරීන් අත්අඩංගුවට ගත්තොත් ඊට සම්බන්ධ දේශපාලන අධිකාරයත් අත්අඩංගුවට ගන්න වෙනවා. ඒ නිසයි නීතිය කි‍්‍රයාත්මක කරන්නේ නැත්තේ?

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment