දේශීය කර්මාන්ත සඳහා  ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්න

75

– ජනපති දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරයි

 දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයින්ට ආරාධනා කළේය.

 ක්ෂේත‍්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයින් සමග ඊයේ (21දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් සාකච්ඡුාව කැඳවා තිබිණ. විදේශ විනිමය උත්පාදනය, රාජ්‍ය මුදල් ප‍්‍රතිපත්තිය, විදේශ රැුකියා ප‍්‍රවර්ධනය, ආයෝජන දිරිගැන්වීම, අපනයන ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති, කෘෂිකාර්මික නිෂ්පාදන, පොහොර ප‍්‍රමාණවත්ව සැපයීම, සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය ඇතුළු ක්ෂේත‍්‍ර රැුසක් පිළිබඳ සාකච්ඡුා විය.

 පුනර්ජනනීය බලශක්තිය, හරිත කෘෂිකර්මාන්තය, තාක්ෂණ උද්‍යාන, හරිතාගාර ඇතුළු ක්ෂේත‍්‍ර රැුසක මහා පරිමාණ ආයෝජනයෙන්, විදේශ විනිමය පාලනය කිරීමේ මහගු අවස්ථාවක් උදාවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

 දේශීය ව්‍යවසායකයන් රට ගොඩනැගීමට ලබා දෙන සහාය අගය කළ ජනාධිපතිවරයා ලෝක වසංගත තත්ත්වයකට මුහුණ දෙමින් ආර්ථිකය ගොඩනැගීමට රජය උත්සාහ දරණ අවස්ථාවේ ඇතැමුන් සිය පටු අරමුණු වෙනුවෙන් ගෙන යන වැරදි මතවාද නිවැරදි කිරීමට ව්‍යාපාරික ප‍්‍රජාවට හැකියාව පවතින බව ද පැවසීය.

 ගත වූ දෙවසර තුළ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සිදු වූ පිබිදීමත් සමග සිමෙන්ති සඳහා ඇති ඉල්ලූම ඉහළ යාමෙන් සිමෙන්ති හිඟයක් මතුව ඇති බව පෙන්වා දුන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී සිමෙන්ති නිෂ්පාදනය සම්පූර්ණයෙන් රට තුළ සිදු කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් කළේය.

 අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් වෙළෙඳපොළ තුළ නැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඖෂධ මිල හැර භාණ්ඩ රැුසක මිල පාලනය ඉවත් කිරීමට ගත් තීරණයෙන් අයුතු ප‍්‍රයෝජන නොගන්නා ලෙස ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

 අත්පිට මුදලට ඉන්ධන ලබා ගැනීම අභියෝගයක් වුවත් සංවර්ධනයට සහ කර්මාන්තවලට හානියක් නොවන අයුරින් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවසීය.

 රටේ ආර්ථිකය ගැන ගෙන යන අසත්‍ය ප‍්‍රචාර මගින් විදෙස් ආයෝජන අවස්ථා රටට අහිමිවන බව පෙන්වා දුන් මහබැංකු අධිපතිවරයා සියලූ විදෙස් ණය ගෙවීමට රජයට හැකියාව ඇති බවත්, ණය නොවන ආයෝජන රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

 රජයේ කොවිඞ් පාලන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ ව්‍යවසායකයෝ එහි සාර්ථකත්වය හේතුවෙන් තම ව්‍යාපාර ආරක්ෂා වූ බව පැවසූහ. ඇතැම් රටවල් කාර්යක්ෂමව කොවිඞ් වසංගතය පාලනය කිරීමට අපොහොසත් වීමෙන් එම රටවලට ලැබීමට නියමිතව තිබූ ඇණවුම් විශාල ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවට හිමි වූ බව ඔවුහු පෙන්වා දුන්හ.

 කොරෝනා පශ්චාත් සමයේ සංචාරක ක්ෂේත‍්‍රයේ විශාල පිබිදීමක් රට තුළ දක්නට ලැබේ. එහි ප‍්‍රවර්ධනය සඳහා සංචාරකයන්ගේ පහසුකම් ඉහළ නැංවීමේ අවශ්‍යතාව ව්‍යවසායකයෝ සඳහන් කළහ.

 අධ්‍යාපනය සඳහා සිසුන් විදේශගතවීම සම්පූර්ණයෙන් නතර කර, රට තුළ එම අධ්‍යාපන අවස්ථා උදාකරදීමට අවශ්‍ය යාන්ත‍්‍රණය සකසන ලෙස ද ව්‍යවසායකයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

 ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහ විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන ව්‍යවසායකයෝ රැුසක් මෙ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment