දේශීය ක්‍රිකට් අද සිට යළි පණ ගැන්වේ

192

දේශීය ක්‍රිකට් තරගාවලි අද (22 වැනිදා) සිට යළි ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය ඒ සඳහා ලබා දුන් අනුමැතියෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ප්‍රධාන ක්‍රීඩා සමාජ තෙදින තරගාවලිය හා ‘බී’ කොටසේ ක්‍රීඩා සමාජ තෙදින තරගාවලිය අද සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

පසුගිය පළමු වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සියලු දේශීය තරගාවලි අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment