දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව සමඟ කාගිල්ස් සමාගම පෙරමුණට

172

දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SME) සහාය දැක්වීමේ සිය දීර්ඝ කාලීන වැඩ පිළිවෙල අඛණ්ඩව කරගෙන යන Cargills සමාගම, SME පුහුණු වැඩමුළු මාලාවක් පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව සමඟ එක්ව කටයුතු කරයි. පළමු වැඩමුළුව මාර්තු මස 03 වැනි දින රාජගිරියේ පිහිටි ශ‍්‍රී ලංකා මහ බැංකු විදු පියස’ ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලද අතර එහි සමාරම්භක සැසිය ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජ්‍ය ආයතන, විදේශ තානාපති කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන සහ විද්වතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. මෙම පුහුණු වැඩමුළුවට කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 100කට අධික පිරිසක් සහභාගී විය.

මෙම පුහුණු වැඩමුළුව Cargills zVillage to Home’ වැඩසටහනේ තවත් එක් දිගුවක් වන අතර එමඟින් Cargills FoodCity පරිශ‍්‍ර වල කුටි ලබාදෙමින් රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට විශාල පාරිභෝගික ජාලයක් සමඟ සම්බන්ධ වීමට වේදිකාවක් සලසා දෙයි. අද වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 100 කට අධික සංඛ්‍යාවක් මෙම කාගිලස් මෙන් ගෙදරට’ වැඩසටහනට සහභාගී වී ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තම නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන ඒමේදී මුහුණ දෙන අභියෝග, එනම් මූල්‍ය සාක්ෂරතාව අඩුකම සහ වෙළෙඳපොළ ප‍්‍රමිතීන් සහ තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය වැනි අභියෝග හඳුනා ගනිමින්, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සාක්ෂරතා පුහුණු වැඩසටහන සමඟ එක්ව කුඩා ව්‍යාපාර හිමියන් සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීමට Cargills සමාගම කටයුතු කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මේවාට සහභාගී වීමෙන් මූලික මූල්‍ය සාක්ෂරතාව, ඇසුරුම්කරණය සහ නිෂ්පාදන සංවර්ධනය සහ තත්ත්ව සහතිකය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබෙනු ඇත. මෙම කුඩා ව්‍යාපාර හිමියන් දේශීය ආර්ථිකයට අර්ථවත් ලෙස දායක විය හැකි සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීමට කාගිල්ස් සමාගම කැපවී සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment