දේශීය ගෘහ සේවිකාවන්ටත් ආරක්ෂිත වැඩ පිළිවෙළක්

134

රටේ ගෘහ සේවිකාවන් ලෙස සේවයේ යෙදෙන කාන්තාවන්ගේ රැකියා තත්ත්වය සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ වනවිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් වන කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ක්‍රමවේදයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ක්‍රියාත්මක කර ඇති මුත් රට තුළ ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රමවේදයක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා විසින් වැඩපිළිවෙළක් සකසන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් දී ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment