දේශීය පාසල් බෑග් මිල 10%කින් පහළට – ඇමැති රංජිත් සියඹලාපිටිය

85

දේශීය පාසල් බෑග් සහ සපත්තු ජූලි මස 15 වැනිදා සිට සියයට 10%කින් මිල පහත හෙළීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඇමැතිවරයා කියන්නේ ඩොලරය අවප්‍රමාණ වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකඟතාව පළ වූ බවයි.

ඒ අනුව පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් රුපියල් 350/= සිට 450/= අතර මුදලකින් පහත යනු ඇත. තවත් මසකින් මිල ගණන් සම්බන්ධයෙන් නිෂ්පාදකයන් සමග සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහි දී ඒ වන විට පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සහ ඩොලරයේ මිල අනුව තවදුරටත් මිල අඩු කිරීම පිළිබඳ සලකා බලන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment