දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ කෝවිඞ් මර්දන මුව ආවරණයක්

140

පෙරුම්කායම්, දේවදාර, කුරුදු පොතු, පාවට්ට මුල්, රතු ලූණු, ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, කොහොඹ, කරාබු නැටි, ඉගුරු පියළිය, අමු කහ ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21ක් යොදා සැකසූ මුව ආවරණයක්  (Herbal Mask) ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත නව නිර්මාණ ශිල්පියෙකු වන දේශබන්දු සමන් හෙට්ටිආරච්චි මහතා විසින් සෞඛ්‍ය අමාතයංශයේදී පිළීගන්වන ලදි.

 නව නිර්මාණයක් ලෙස මෙම මුව ආවරණය සදහා අදාල පේටන්ට් බලපත‍්‍රයද හිමිව ඇති අතර ශ‍්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණික ආයතනය හෙවත් අයි.ටී.අයි. ආයතනය මගින් තත්ත්ව සහතිකයක් ද පිරිනමා ඇත. එමෙන්ම ශ‍්‍රී ලංකා නව නිපැයුම් කොමිසම මගින් මෙහෙයවනු ලබන සහසක් නිමැවුම් තරගාවලියෙන් රන් සම්මානයද දිනා ඇති අතර සහසක් නිමැවුම් ජාත්‍යන්තර තරගාවලියේ හොදම නව නිපැයුම ලෙසද තෝරාගෙන ඇත.

 මෙම අවස්ථාවට කොළඹ වාණිජ මණ්ඩලයේ මාධ්‍ය හා සන්නිවේදන උපදේශක ගෝඨාභය සුමනසේකර, හර්බල් හෙළ ඉන්ටනැෂනල් ආයතනයේ අධ්‍යක්ෂ චමල් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment