දේශීය සංචාරකයන් කොන් කරන ආයතනවලට රතු එළියක්

205

දේශීය සංචාරකයන්ට නොසලකමින් ‘විදේහීයන්ට පමණයි’ ප‍්‍රතිපත්තිය අනුගමනය කරන සංචාරක පහසුකම් සපයන ආයතනවල බලපත‍්‍රය අවලංගු කිරීම කෙරෙහි සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානය යොමුවී ඇත.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දේශීය සංචාරකයන්ගෙන් විධිමත් ලෙස පැමිණිලි ලැබුණහොත් අදාළ ආයතන ගැන නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

දේශීය සංචාරකයන්ට නොසලකන බවට පැමිණිලි ලැබෙන ආයතන සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එය තහවුරු වුවහොත් එම ආයතනවල බලපත‍්‍රය අහෝසි කර සංචාරකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවද එම අධිකාරිය අවධාරණය කර ඇත. විදේශිකයන්ට මෙන් දේශීය සංචාරකයන් කෙරෙහිද විධිමත්ව කටයුතු කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment