දෛනිකව ඇතුළත්වන ආසාදිත ළමා රෝගීන් ගණන 10 දක්වා පහළට… කොවිඞ් ආසාදිත දරුවන් වහා රෝහල්ගත කරන්න

96

කොවිඞ් ආසාදිතව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව ඇතුළත් කෙරෙන දරුවන් සංඛ්‍යාව 10 දක්වා අඩු වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිවයින’ ට පැවසීය.

කොවිඞ් ආසාදිත දරුවන් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් මෙයට පෙර දෛනිකව රෝහල්ගත කෙරුණු බවද හෙතෙම සඳහන් කළේය. බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැනට ප‍්‍රතිකාර ලබන කොවිඞ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 72 කි.

එම සංඛ්‍යාව මෙයට සතියකට පමණ පෙර දෙසීයේ සීමාවද ඉක්මවා ගොස් තිබූ බව හෙතෙම කියා සිටියේය. රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ දැනට ප‍්‍රතිකාර ලබන දරුවන් සංඛ්‍යාව 3 කි. මේ අතර කොවිඞ් ආසාදිත වන දරුවන් නොපමාව රෝහල්ගත කිරීමට පියවර ගන්නැයි රෝහල් අධ්‍යක්ෂවරයා මව්පියන්ගෙන් ඉල්ලා සිටියේය. දරුවන්ට කොවිඞ් ආසාදනය වීම ඉහළ ගියේ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප‍්‍රභේදය ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමග බවද හෙතෙම පැවසීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment