දෛනික කොරෝනා මරණ අඩුවේ

114

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 118 ක් වාර්තා කළේය. ඒ සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,817ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම මරණ ඊයේ (15දා) සහතික කළ ඒවාය.මේ අනුව දැනට දිනකට වාර්තාවන මරණ සංඛ්‍යාවෙහි අඩුවීමක් දක්නට ලැබේ.
කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල්හි ප‍්‍රතිකාර ලැබූවන් 1,336 ක් අද සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.එම පිරිසත් සමග සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 428,590කි.
එසේම තවත් කොරෝනා ආසාදිතයින් 1382 ක් ද අද වාර්තා විය.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 496,063කි.

advertistmentadvertistment
advertistmentadvertistment