දෛනික කොරෝනා මරණ වල පාලනයක්

339

දිනකට මෙරට වාර්තාවන මරණ සංඛ්‍යාවෙහි සහ හමුවන නව ආසාදිතයින්ගේ ප‍්‍රමාණයෙහි අඩුවීමක් මේවන විට දක්නට ලැබන බවත් ඒ අනුව මෙරට කොරෝනා වසංගතය යම් පාලනයකට ලක්ව ඇතැයි වසංගත රෝග පාලන ඒකක සඳහන් කරයි. ඊට එක් හේතුවී ඇත්තේ මේ වනවිට දැඩි අවදානම් තත්ත්වයේ පසුවන වයස් කාණ්ඩය ලෙස සලකන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සහ විවිධ රෝග වලින් පෙලෙන පුද්ගලයින් එන්නත් කරණයට ලක්ව තිබීම යැයි ද වසංගත රෝග පාලන ඒකකය පවසයි.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්අද වාර්තා කළේ කොරෝනා මරණ 93 කි. මෙම මරණ ඊයේ (19 දා) සහතික කළ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,218 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයින් 836 ක් ද අද වාර්තා විය.එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 505,309 දක්වා ඉහළ ගියේය.

කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි ප‍්‍රතිකාර ලැබූවන් 1055 ක් අද සුවය ලබා පිටව ගිය අතර එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 433,093කි.

advertistmentadvertistment
advertistmentadvertistment