දෛනික කොරෝනා මරණ සහ නව ආසාදිතයින්ගේ අඩුවීමක්

309

කොරෝනා මරණ 103 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද වාර්තා කළ අතර එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,125ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම මරණ ඊයේ සහතික කළ ඒවාය. එසේම තවත් කොරෝනා ආසාදිතයින් 1279 ක් ද අද වාර්තා විය.එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 504,037 දක්වා ඉහළ ගියේය.
මේ අනුව දැනට දිනකට වාර්තාවන මරණ සංඛ්‍යාවෙහි සහ හමුවන නව ආසාදිතයින්ගේ ප‍්‍රමාණයෙහි අඩුවීමක් දක්නට ලැබන බව වසංගත රෝග පාලන ඒකක සඳහන් කරයි.
කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි ප‍්‍රතිකාර ලැබූවන් 1002 ක් අද සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 432,038කි.

advertistmentadvertistment
advertistmentadvertistment