දෛවයේ විශ්මයජනක පිටපත වෙනස්වී… ඉක්මණින් ඔබ අතරට එන්න… මම මග බලා සිටිනෙමි

613

සියලූ දෙවි පිහිටයි’

මගේම ආදරණීය මිතුරු මිතුරියන්, රසික රසිකාවියන් සහ ඡන්ද දායකයන් වෙත

මුළු රටම කොරෝනා වසංගතයෙන් වෙලී ඇති මොහොතක, මෙම රෝගය සමග සටන් කිරීමට ප‍්‍රතිශක්තිකරණය වැඩි වී ධෛර්ය, බලය, උත්සාහය, කුණ්ඩලනී ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා යැයි ප‍්‍රථමයෙන් ප‍්‍රාර්ථනා කරමි.

මෙතුවක් කල් මේ රටේ නිරන්තරයෙන්ම දුකේදීත් සැපේදීත් ඔබ සමග ළඟින්ම සිටිය මාව ඔබගෙන් අසාධාරණ ලෙස වෙන්කර, අද දිනට හරියටම මාස 4 කි. මේ මා සිරගතව සිටි දීර්ඝතම කාලයයි. මීට ප‍්‍රථම කොරෝනා මුල්ම අවදියේ දී අසරණ දුප්පත් පවුල්වලට සහල් සහ එළවළු බෙදීමට ගොස් ඇති වූ ප‍්‍රශ්නයකදී මට දවස් 44 ක් රිමාන්ඞ් රක්ෂිත  බන්ධනාගාරයේ ලගින්නට සිදු වූ බව ඔබට මතක ඇතැයි සිතමි. එම අවස්ථාවේදී මා සිටියේ රිමාන්ඞ් බන්ධනාගාර සැකකරුවකු ලෙසයි. නමුත් ඔබට මේ ලිපිය ලියන මොහොතේ මා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබූ වසර  4 ක බරපතළ වැඩ සහිතව සහ වසර 11 ක ප‍්‍රජා අයිතිය අහෝසි වූ අච්චු සිරකරුවෙකු ලෙසයි.

diwaye2
රන්ජන්ගේ ඥාතිවර දිවංගත විජය කුමාරතුංගයන් එදා මෙවැනිම අත්දැකීමකින්
හමුදා කඳවුරක සිර කුටියක තනිවෙත්දී, ඔහු විසින් ලියන ලද ලිපියක්…

ලංකාවේ පවතින නීතියට අනුව රිමාන්ඞ් සිරකරුවෙකුට මෙන් නොව අධිකරණයෙන් අච්චුවක් නියම වූ සිරකරුවෙකුට බොහෝ අයිතිවාසිකම් අහිමි වෙයි. අච්චු සිරකරුවෙක් ජම්පරයක් ඇඳිය යුතු අතර, නිදාගන්න පැදුර, කෑම බීම සිට පිටස්තරයන් හමුවීම් පවා මසකට එක් වතාවකට සීමාවෙයි. මේ නොසිතූ නොපැතූ වෙනස, ඔබලා සමගම සෑම මොහොතකම එකටම සිටි කලාකරුවෙකු ලෙස මට දැරීමට අමාරුම තත්ත්වයකි. නමුත් දෛවය කුරිරු ලෙස මට හරස් වී ඇත. මගේ ජීවිත කතාවේ පිටපත ලියවී ඇත්තේ මෙසේය. මට පෙර මෙන් ඔබලා හමුවීමට, කතා කිරීමට, විහිළුවක් කිරීමට, ගීතයක් ගැයීමට, වැළඳ ගැනීමට, සෙල්ෆියක් ගැනීමට, ඔබලාගේ නිවසට පැමිණීමට තව වසර ගණනාවක් බලා සිටීමට සිදුවී ඇත. මෙය ඉතාමත් කටුක අත්දැකීමකි. නමුත් කෙසේ හෝ ධෛර්ය සම්පන්නව මම මේ තත්ත්වයට මුහුණ දිය යුතුව ඇත. මා හමුවීමට අමාරුවෙන්, දුරබැහැර සිට, අවසර ගෙන කලාතුරකින් එන අයගෙන් මම අනිවාර්යෙන්ම අසන ජනපි‍්‍රයම ප‍්‍රශ්නයක් ඇත. එය නම් ‘‘අනේ මල්ලී මිනිසුන්ට මාව අමතක වෙලාද? කවුද මාව මතක් කළේ? Facebook එකේ මං ගැන Post තියනවාද? වැඩසටහන්වල දී මාව මතක් කෙරුවාද? රසික රසිකාවියන් මොනවද කියන්නේ? මෙයින් මා තේරුම් ගත්තේ එකම එක දෙයකි. එය නම් ඔබලාගේ ආදරයට, ලෙන්ගතුකමට, පේ‍්‍රමයට, සෙනෙහසට, මම මහත් සේ කෑදර බවයි, ආදරය බවයි, තන්හාධික බවයි. එය නැතිවේදැයි මා බියකින් සිටින බවයි. මෙලෙස සිරගත වී කූඩුවක තනි වූ විට එය වැඩියෙන් දැනෙන්නට ගනී.

diwaye4

කලකට පෙර LTTE නායක ප‍්‍රභාකරන් කිව්වා යැයි කියන කතාවක් මට නිතර සිහියට නැගේ.‘‘ලංකාවේ මිනිසුන්ට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සූමාන දෙකයි.’’ මාවත් සුමාන දෙකෙන් ජනතාව අමතක කරයිද? මගේ සිත දුකින් පිරී යයි. නමුත් මගේ කතාව ඊට වඩා වෙනස් ආකාරයට ලියවී ඇතැයි මට සිතේ. මේ මොහොතේ ලංකාවේ බහුතර ජනපි‍්‍රය රූපවාහිනී නාලිකා, පුවත්පත්, කාටුන් ශිල්පීන්, කවීන්, මාධ්‍යවේදීන්, Facebook Post හදපු අය, ශදමඑමඉ ඪසාැද හදපු, ඇතුළු ආදරණීය මාධ්‍ය මිතුරන්ට මම ගෞරවයෙන් ආදරයෙන් ස්තූති කරමි. ඒ වාගේම, බෝධි පූජා පැවැත්වූ, මාධ්‍ය සාකච්ඡුා පැවැත්වූ, පෙත්සම් අත්සන් කළ, පාර්ලිමේන්තුවේ සටන් කළ, කතා කළ, උපවාස කළ, දාන මාන දුන්, භාරහාර කළ, සියලූම ආකාරයෙන්, නන් අයුරින් මට අමාරුවේ වැටුණු අවස්ථාවේදී උදව් උපකාර කළ, වචනයකින් හෝ සහයෝගය දුන්, දිරිමත් කළ මේකී නොකී සියලූම දෙනාට මම ණයගැති වෙමි.

diwaye5

එලෙසම සියලූ ඉන්ධන වියදම් මඟ වියදම් දරාගෙන කාලය පැය ගණනක් කැප කරගෙන නගරයේ සිට අඟුණකොළපැලැස්සට වාහන එලවාගෙන මා බලන්නට පැමිණි සියලූම දෙනාට බෙහෙවින් ස්තූතියි. කූඩුවක හිරවූ සිරකරුවෙකුට ඪසිසඑ එකක් යනු ලොතරැුයියකි. සුපුරුදු ලෙස සැමදා උදෑසන මා කෑම පෝලිමේ ඉද්දී මට ඇසෙන මේ දෙබස සුලබය. ‘‘ආ මන්තී‍්‍රතුමා ඊයෙත් ඔයාගෙ මරු චිත‍්‍රපටයක් පෙන්නුවා. අපි රෑ වෙනකම් බැලූවා. හෙට ස්වර්ණවාහිනියේ මායා, සිරසේ නවරියං, දෙරණේ පාර්ලිමන්ට් ජෝක්ස්, අද පත්තර විස්තරේ ඔයා ගැන මෙහෙම කිව්වා. අරහෙම කිව්වා, මගේ සිත සතුටින් පිරී යයි. ඔබලාට මාව අමතක නෑ. ප‍්‍රභාකරන්ගේ සුමාන දෙකේ කතාව බොරු වී ඇත. විශේෂයෙන්ම ස්වර්ණවාහිනී, සිරස, සියත, දෙරණ මගේ චිත‍්‍රපට දිගටම පෙන්වනවාට ස්තූතියි. අද මේ මොහොත වන විටත් මගේ සිරමැදිරියට TV එකක් නැත. ඉදිරියේදී ලැබෙන බව TV එකේ කිව්වාලූ. බොහෝ අවස්ථාවලදී අනෙක් ළඟ සිරමැදිරි වල අය, මගේ චිත‍්‍රපටයක් යද්දී, මට ඒ හඬ සහ දෙබස් ඇහෙන්නට ශබ්දය TV එකේ වැඩි කරයි. මම මගේ කුටියේ පැදුරේ ඉඳගෙන මගේ චිත‍්‍රපට දෙබස් පමණක් අසමින් සතුටු වෙමි. නිදහසේ ඔබලා සමග එළියේ ඉද්දී ඔබලා පිරිවරාගෙන රතිඤ්ඤා හඬ මැද චිත‍්‍රපට මංගල දර්ශනවලට සහභාගි වූ ආකාරය මතක් වෙද්දී හිතට හරිම දුකයි.

අද මා ප‍්‍රධාන චරිතය රඟපෑ චිත‍්‍රපටයක් රූපවාහිනි නාලිකාවක යද්දී එය නැරඹීමට මට වරම් නැත. දෛවයේ පිටපත විස්මයජනකය. මේ සියලූ අවාසනාවන්ත තත්ත්වයන් වෙනස් වී නැවතත් ඔබලා අතරට එන්නට මම පුල පුලා බලා සිටිමි. ඒ දිනය කවදා දැයි හරියටම දන්නේ මා මේ ලොවට එවූ තිරකතා රචක අධ්‍යක්ෂවරයා පමණකි. නැවතත්, මා මේ තත්ත්වයට ගෙන එන්නට සියලූම අනුග‍්‍රහය, ධෛර්ය, යටිතල පහසුකම් සැපයූ ඔබ සැමට ස්තූති කරන්නට මට අවසර දෙන්න.

මීගමුව කොච්චිකඬේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක ඉපදුණු  රැකියා විරහිත තරුණයෙක්ව සිටි මා කොළඹ ගෙනවුත් ලංකාවේ ජනපි‍්‍රයම නළුවෙකු කළේ ඔබගේ ආදරයයි. චිත‍්‍රපට වල ඉතාම සුළු දර්ශනවල රඟපෑ අතිරේක නළුවෙකු වූ මා ප‍්‍රධාන චරිතය දක්වා ඔසවා තැබුවේ ඔබය. ඉන්පසු පියවරෙන් පියවර රන්ජන් රාමනායකව ගායකයකු, චිත‍්‍රපට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, සම්මානලාභියෙකු කළේ ඔබයි. එතනින් නොනැවතී ලංකාවේ ඡන්දය ඉල්ලූ සෑම දිස්ති‍්‍රක්කයෙන්ම ඉහලම මනාපයෙන් මාව පාර්ලිමේන්තුවට යැව්වෙ ද ඔබමයි. මේ තත්ත්වයට එන්නට මමත් මහ්නසි වුව ද, ඔබ එදා මා ප‍්‍රතික්ෂේප කළා නම් අද රන්ජන් රාමනායක කෙනෙකු නැත. අද මා මේ තැන නැත. මට වඩා මහන්සි වූ කැපවූ, වියදම් කළ අය කොතෙක් සිටියත් ඒ අය අතරින් ඔබ තෝරාගත්තේ මාවය. මට වඩා හොඳින් රඟපාන බොහෝ නළුවන් සිටියත් ඔබ වසර ගණනාවක් ජනපි‍්‍රයම නළුවා ලෙස මාව තෝරා ගත්හ.

මගේ චිත‍්‍රපට දින 100 නොකඩවා තිරගත වූයේ ඔබ නිසාය. වන්ෂොට් බිහි කළේ ඔබය. ඒ නිසා මම ඔබට සදා ණයගැතිය. භාරතයේ සුපිරි නළු අම්තාබ් බච්චන් වරක් තම පුතු අභිෂෙක්ට දුන්නා යැයි කියන අවවාදයක් මම ගෞරවයෙන් සිහිපත් කරමි. ‘‘පුතේ අද අපේ ගෙදර මේ මේසය උඩ තියෙන කෑම අපි කන්නේ උඹගේ තාත්තගේ චිත‍්‍රපටි රසිකයෝ බලපු නිසා. එම නිසා හැමවිටම රසිකයන්ට ගරු කරන්න. නළුවෙකුට රසිකයන්ගෙන් තොර පැවැත්මක් නැත. රන්ජන් රාමනායක වන මට මේ සියලූම දේ ලැබුණේ සිනමාව සහ ඔබ නිසා බව මම තරයේ විශ්වාස කරමි. දේශපාලනයේදී ද මට මෙතරම් ජනතාවක් ආදරය කරන්නේ සිනමාව නිසා බව මම විශ්වාස කරමි. ඔබලා මා මෙතනට ඔසවා තැබුවේ, ගෙනාවේ මා ලවා බොහෝ දේ ඉටුකරගැනීමට යැයි මම සිතමි. සිනමාවට සීමා නොකර උත්තරීතර පාර්ලිමේන්තුවට ද වරක්, දෙවරක්, නොව අඛණ්ඩව තුන්වරක් වැඩිම මනාපයෙන් මා තෝරා පත්කර යැවීමේ සංඥාව පණිවිඩය කුමක්දැයි මට තේරුම් ගත හැකිය. ඒ ඔබගේ හඬ, ඔබගේ අඳෝනාව ඔබගේ ප‍්‍රශ්න, ගැටලූ, කවුරුත් ස්පර්ශ නොකරන අතගහන්න බය මාතෘකා, මා ලවා පාර්ලිමේන්තුව දෙදරන්න කතා කරන්නට යැයි මට වැටහුනි. මම ඔබගේ අපේක්ෂාව මට හැකි උපරිමයෙන් 2010 සිට 2021 දක්වා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් කළෙමි.

මේ දූෂිත සමාජ ක‍්‍රමය ගැන අමිහිරි සත්‍ය, තිත්ත ඇත්ත, උච්ච ස්වරයෙන් හඬගා කීවෙමි. මගේ සදාදර නායක විජය කුමාරණතුංගයන් ගීතයකින් කියූ ලෙසම ‘‘යුක්තිය උදෙසා කෑ මොර දීමයි දඟගෙයි ලෑමට රන්ජන් කළපව’ සත්‍ය වන ලෙසම කළෙමි. මෙලොව වැඩියෙන්ම විනාශ කරන්නේ නිහඬව ඉන්නා හොඳ මිනිසුන් බව බොහෝ අවස්ථා වල ප‍්‍රසිද්ධියේ කීවෙමි. ඉදිරියේ දීත් ඔබ මට දුන් චරිත සහතිකය, වගකීම, රාජකාරිය, කිසිදු හොරකමක්, වංචාවක්, දූෂණයක් නිසා කිලිටි කර නොගන්නෙමි. මින් මත්තටත්, දිවි ඇති තුරු හඬක් නැති ඔබලා වෙනුවෙන් පෙනී සිටිමි. තවත් ලියන්නට බොහෝ දේ සිත තුළ තෙරපුනත් දැනට කනගාටුවෙන් සමුගනිමි. කරුණාකර මට ලියන්න, පාළුවෙන් සිරකුටියක ඉන්නා මට ඔබගේ අදහස් මහමෙරකට වඩා වටී.

diwaye6

advertistmentadvertistment
advertistmentadvertistment