දොඩම්පහළ චන්ද්‍රසිරි මහානාහිමි ආදාහන පූජෝත්සවය ඉරිදා

155

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මෙම 21 වැනි ඉරිදා සවස 3.00 ට රාජ්‍ය ගෞරව සහිතව කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (16 දා) අපවත් වී වදාළ මහානාහිමිපාණන්ගේ ශ්‍රී දේහය ඊයේ (17 දා) සිට රාජගිරිය ගෝතම තපෝවනයේ තැම්පත් කර ඇත.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment