දොස්තරලාගේම වයස ඉල්ලා කුමුදේශ් උසාවි යන්න හදයි

219

විශේෂඥ වෛද්‍යවරුන්ට විශ්‍රාමයෑම සඳහා ලබාදෙන සහන අනෙකුත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අයටත් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවට යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා “දිවයින”ට ඊයේ (15 දා) පැවසීය.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ එක් කණ්ඩායමකට පමණක් විශේෂත්වයක් දැක්වීම අසාධාරණ බවත් කුමුදේශ් මහතා කීය. විශ්‍රාම වයස වෙනස් කිරීම සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට බාධාවක් බවත් ඔහු කීය.

හොඳ පාලන ක්‍රමයකින් දැනට ඉන්න කාර්ය මණ්ඩලයෙන් තුන්ගුණයක් වැඩ කරගන්න පුළුවන් බවත් ආණ්ඩුව දක්‍ෂනම් වසරකට සෞඛ්‍යට වැය කරන මුදලින් වසර තුනක සෞඛ්‍ය සේවාව නඩත්තු කළ හැකි බවත් ඔහු කීය. එහෙම අවබෝධයක් අධ්‍යනයක් තියෙන පාලනයකට යන අයුරුවත් දක්නට නැතැයි ද කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment