දොස්තරලාට විතරක් අවුරුද්ද දුන්නොත් හෙද – පරිපූරක අතුරු වෛද්‍ය වර්ජනයක්

201

සෞඛ්‍ය සේවාවන්හි සේවයේ නිරත සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම ඉවත දමමින් වෛiවරුන්ගේ විශ්‍රාම යෑමේ කාලය පමණක් වසරකින් දීර්ඝ කිරීම සිය වරප්‍රසාද කඩකිරීමක් බැවින් එයට එරෙහිව ලබන සතියේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට හෙද, පරිපූරක අතුරු වෛi සේවා ඒකාබද්ධ බලමණ්ඩලය රජයට අනතුරු අඟවයි.

සෞඛ්‍ය සේවාවන්හි නිරත වන සේවකයන්ගේ විශ්‍රාම කාලය සම්බන්ධයෙන් පොදු තීරණයක් ලබාගැනීමේ අරමුණින් සෞඛ්‍ය ඇමැතිවරයා සමග ඉදිරි දින දෙකේ දී සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් එහිදී ප්‍රශ්නය සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් නොලැබුණහොත් යළි දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයනට පිවිසීමට තීරණය කළ බවත් හෙද පරිපූරක අතුරු වෛi සේවා ඒකාබද්ධ බලමණ්ඩලය කියයි.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment