දොස්තරලා හැටෙන් යැවීම උසාවියෙන් අත්හිටුවයි – අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක්

199

රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60 සපිරෙන විට විශ්‍රාම ගැන්වීම සඳහා රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් කටයුතු කිරීම ලබන ජනවාරි 25 වැනිදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (14 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

වයස අවුරුදු 60 පිරෙන විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට පසුගිය ඔක්තෝබර් 17 වැනිදා කැබිනට් මණ්ඩලය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනකු ගොනුකර තිබු රිට් ආඥා පෙත්සම් කැඳවු අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන මනෝහර ද සිල්වා, සංජීව ජයවර්ධන, උදිත ඉගලහේවා යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලය දීර්ඝ ලෙස කළ කරුණු දැක්වීම් සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. එම කැබිනට් තීරණය සම්බන්ධයෙන් තම අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කොට තිබූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට නොතිසි යැවීමට එම විනිසුරු මඬුල්ල පසුගිය 25 වැනිදා නොතිසි නිකුත් කර තිබිණි. එම පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා යලි ලබන ජනවාරි 25 වැනිදා කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment