දොස්තර නෝනාගේ කාර් එක  ‘සාගරිකාගේ’ ඇඟේ හැප්පෙයි

763

වෛද්‍යවරියක පදවාගෙන පැමිණි මෝටර් රථයක් බූස්ස, වැල්ලබඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී ඊයේ (01 දා) උදේ බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ ‘සාගරිකා’ දුම්රියේ හැපීමෙන් මෝටර් රථයේ සිටි කාන්තාවක තුවාල ලබා ඇතැයි  රත්ගම පොලිසිය පවසයි.

දොස්තර නෝනාගේ කාර් එක  ‘සාගරිකාගේ’ ඇඟේ හැප්පෙයි

අම්බලන්තොට, රිදියගම පුනරුත්ථාපන කඳවුරේ සේවය කරන රත්ගම ගණේගොඩ පදිංචි වෛද්‍යවරියක නිවසේ සිට තම ඥාතිවරියක බස් නැවතුම්පළ වෙත කැඳවා ගෙන එමින් සිටියදී ගාල්ල දෙසින් පැමිණි දුම්රියේ හැපී ඇත.

අනතුරෙන් වෛද්‍යවරියට තුවාල සිදුවී නැත. ඉදිරි වම් පස අසුනේ සිටි  ඇයගේ ඥාතිවරියට සුළු තුවාල සිදුව ඇත. මෙම ස්ථානයේ විදුලි සංඥා තිබුණත් ඒවා අක්‍රිය වී ඇති බව සඳහන් පුවරු ද එම ස්ථානයේ ඇති බව පොලිසිය පැවසීය. රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment