දොස් පැවරුවාට කිපී වඳුරඹ ඕඅයිසීට වෙඩි තැබීමට තැත් කළ කොස්තාපල් පැනයයි

239

දොස් පැවරුවායි උරණ වී ගාල්ල වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයාට වෙඩි තැබීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයකු පළාගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

වඳුරඹ පොලිස් ස්ථානය පිහිටි භූමියේ නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා භූමියේ පිහිටා තිබෙන ගස් කීපයක් ඉවත්කිරීම සඳහා ලබාදී තිබූ අවසරය මත දැව සංස්ථාවේ නිලධාරීන් ඊයේ (11 දා) එම භූමිය වෙත පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එම අවස්ථාවේදී එම රාජකාරිය භාරව සිටි කොස්තාපල්වරයා නව ගොඩනැඟිල්ල ඉදිකරන පරිශ‍්‍රයට බාහිරව තිබෙන අනෙකුත් ගස් ද දැව සංස්ථාවේ සේවකයන් ලවා කපා ඉවත්කිරීමට කටයුතු කර තිබූ බව එම ආරංචි මාර්ග පවසයි.

රාජකාරි කටයුත්තක් සඳහා පැය කීපයක් පිටතට ගොස් සිටි ස්ථානාධිපතිවරයා පැමිණීමෙන් අනතුරුව පොලිස් භූමියේ තිබෙන සියලූම ගස් කපා ඉවත්කර තිබෙන අයුරු දැක කොස්තාපල්වරයා නිල කාමරයට කැඳවා දොස් පවරා තිබූ බව එම ආරංචි මාර්ග පවසයි.

එහිදී ස්ථානාධිපතිවරයා සමඟ බහින්බස් වූ කොස්තාපල්වරයා නිල කාමරෙන් පිටතට පැන ‘‘කෝ ගනින් ගිනි අවියක් මූට වෙඩි තියන්න’’ යැයි පවසමින් චෝදනාගාරය තුළ ගිනිඅවි බහා තිබෙන ආරක්ෂිත පෙට්ටිය අසලට ගොස් එය විවෘත කිරීමට උත්සහා දරා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. එහිදී සෙසු පොලිස් නිලධාරීන් දැඩි පරිශ‍්‍රමයක් දරා කොස්තාපල්වරයාව

බැරැුක්කය වෙත රැුගෙන ගොස් ඇති අතර එහිදී ඔහු පළාගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. පළාගිය කොස්තාපල්වරයා යක්කලමුල්ල පදිංචිකරුවෙකි. වඳුරඹ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව- ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment