දොළොස්වැනි කොවිඞ් එන්නත ලබා ගැනීමට ගොස් වැඩවරද්දා ගත් මණ්ඩල්

441

කොවිඞ් වෙනුවෙන් වූ ප‍්‍රතිශක්ති එන්නත ලබා ගැනීමට එරෙහිව විසංවාදී අදහස් සමාජයේ පැතිරෙන කාලවකවානුවක කොවිඞ් ප‍්‍රතිශක්තිකරණ එන්නත් මාත‍්‍රා 11 ක් ලබා ගත් පුද්ගලයෙක් පිළිබඳව බිහාර් ප‍්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

තැපැල් සේවකයෙකු ලෙසින් විශ‍්‍රාම ලබා සිටින බ‍්‍රහ්මදියෝ මණ්ඩල් 65 හැවිරිදි වියේ පසුවෙන්නෙක්. ඔහු නිතරම අත් පා වේදනාවෙන් පීඩා වින්දා. තමාගේ වයසත් සමග එය සාමාන්‍ය දෙයක් ලෙසින් සිතුවත් මෙම අපහසුතාව දරා ගැනීමත් පහසු නැහැ.

  • මුල්ම එන්නත 2021 ද ජනවාරි මාසයේදී…

2021 වසරේ ජනවාරි 16 වැනි දින ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ වුණා. ඉන්දියාවේදී ලබා දුන්නේ කොවිෂීල්ඞ් සහ කොවැක්සින් යන එන්නත් වර්ග වන අතර ඒවා ලබා දුන්නේ පළමු මාත‍්‍රාවෙන් සති 12 සිට 16 ක් අතර කාලාන්තරයක් අනුවයි. එන්නත ලබා ගැනීමෙන් පසුව උණ, හිසරදය, තෙහෙට්ටුව සහ සම සිදුරු වුණ තැන වේදනාව සාමාන්‍ය තත්ත්වයක්. මේ සියල්ලට අභිභවා යන වාසියක් එන්නත ලබා ගැනීමෙන් පසුව මණ්ඩල්ට දැනුණා.

  • ඉස්සර මං ඇවිද්දේ හැරමිටියෙන්….

කොව්ඞ් එන්නත ලබා ගැනීමට ඉස්සර මම ඇවිද්දේ හැරමිටියෙන්. එන්නත ලබා ගැනීමෙන් පසු මගේ සිරුරේ වේදනාවන් අඩු වුණා. මට දැන් හැරමිටිය නැතුව ඇවිදින්න පුළුවනි. කොටින්ම දැන් මට ලෙඩක් නැහැ.

  • එන්නත් මාත‍්‍රා 11 ක් ලබා ගත්තේ කොහොමද…?

මේ වෙන විට ඔහු එන්නත් මාත‍්‍රා 11 ක් ලබා ගෙන ඇති බව ඔහු විසින්ම පවසනවා. නමුත් ප‍්‍රශ්නය වන්නේ මෙයයි. එන්නත් ලබා දෙන විට යම් ආකාරයක සටහනක් තබන බව අපි දන්නවා. නමුත් ඉන්දියාවේ එන්නත්කරණය ස්වෙච්ඡාවෙන් සිදු වෙන අතර එය මධ්‍යස්ථාන 90,000 කට අධික සංඛ්‍යාවක පැවැත්වෙනවා. පූර්ව ලියාපදිංචියකින් තොරව පැමිණෙන අයටත් එන්නත ලබා ගැනීමට බාධාවක් නැහැ. නමුත් එන්නත ලබා ගැනීමේදී තම අනන්‍යතාව සනාථ කිරීමට සහ ලියාපදිංචිවීම වෙනුවෙන් ජෛවමිතික කාඞ්පතක්, ඡුන්ද හිමි හැඳුනුම්පත, රියැදුරු බලපත‍්‍රය වැනි අවසරය ලබා දී තිබෙන ලේඛන 10 කින් එකක් හෝ ඉදිරිපත් කිරීම අවශ්‍යයි. මාදේපුර සිවිල් ශල්‍ය වෛද්‍ය අමරේන්ද්‍ර ප‍්‍රතාප් ෂාහි බීබීසී පුවත් සේවයට සඳහන් කළේ අමරේන්ද්‍රන් මධ්‍යස්ථාන හතරකින් එන්නත් අටක් ලබා ගෙන ඇති බවයි. දොළොස්වැනි එන්නත් මාත‍්‍රාව ලබා ගැනීමට ගිය අවස්ථාවේදී මේ පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහුට දොළොස්වැනි එන්නත් මාත‍්‍රාව ලබා ගැනීමට අවසර දුන්නේ නැහැ.

  • එකම දිනක පැය බාගයක පරතරයකින් එන්නත් මාත‍්‍රා දෙකක් ලබා ගත්තේ කොහොමද…?

ඒත් මෙහෙම දෙයක් වුණේ කොහොමද…? එන්නත් පාලන මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසාද..? මහජන සෞඛ්‍ය විශේෂඥ චන්ද්‍රකාන්ත් ලහාරියා බීබීසී පුවත් සේවයට කියා සිටියේ මේ අන්දමේ ප‍්‍රමාදයක් වීමට ඇති එකම හේතුව නම් එකම ආකාරයේ නම් දත්ත පද්ධතියට ඇතුළත් කිරීමේදී සිදු වෙන ප‍්‍රමාදය විය හැකි බවයි. මෙහිදී මණ්ඩල් කියා සිටියේ ඔහු එන්නත් මධ්‍යස්ථාන වෙත විවිධ හැඳුනුම්පත් භාවිත කළ අතර 2021 පෙබරවාරි සහ දෙසැම්බර් අතර කාලයේදී මාත‍්‍රා 11 ක් ලබා ගත් බවයි.

  • අහිතකර වුණොත්….?

අපේ හිතේ දැන් පුංචි සැකයක් ඇති වෙනවා. ආගන්තුක වෛරසයක් මේ අන්දමින් සිරුරට ඇතුළු කර ගැනීම අහිතකර විදිහට බලපාන්න පුළුවන් නේද..? මේ ගැන අදහස් දක්වන වෛද්‍ය ලහාරියා කියා සිටින්නේ කොවිඞ් 19 වෙනුවෙන් අප ලබා ගන්නා එන්නත් වලින් මුල් මාත‍්‍රා වලින් ප‍්‍රතිදේහ නිර්මානය වෙනවා. ඒ නිසා ඊට පසුව එන්නත් මාත‍්‍රා කීපයක් ලබා ගත්තත් ඒවා අහිතකර අන්දමින් බලපෑමක් ඇති කරන්නේ නැහැ.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment