දොළොස් හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අතවර කළ හතළිස් හැවිරිදි විවාහකයා අත්අඩංගුවට

982

බිබිල හාමාපොළ ඇතිබැඳිකිවුල ප‍්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදි පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් හතළිස් හැවිරිදි විවාහක පුද්ගලයෙකු බිබිල පොලිසිය මඟින් පෙරේදා (27දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිමි දරුවා කුඹුරේ පැලක් තුළ සිටියදී සැකකරු විසින් මෙම ලිංගික අතවරය සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු බිබිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර අතවරයට පත්වූ ළමයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බිබිල මූලික රෝහලට ඇතුලත් කර ඇත. බිබිල පොලිස් ස්ථානාධිපති ඒ.එස්.පී.සී.කේ. සෙනරත් මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment