දෝනිලා 11 වැනි වරටත් අවසන් හතර අතරට

300

අයිපීඑල් තරග ඉතිහාසයේ 11 වැනි වරටත් අවසන් කණ්ඩායම් හතර අතරට එක්වීමට හිටපු ඉන්දීය ක‍්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පෙරේදා (30 දා) සමත් වූවේය.

 සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පෙරේදා පැවති තරගයේදී ජයග‍්‍රහණය සඳහා අවශ්‍යව තිබූ අවසන් ලකුණු දෙක සඳහා 6 පහරක් ලබාගත් දෝනි තම කණ්ඩායමට කඩුලූ 6 ක ජයග‍්‍රහණයකයක් ලබා දුන්නේය.

 2021 අයිපීඑල් තරගාවලියේ මේ වනවිට සියලූම කණ්ඩායම් තරග 11 බැගින් ක‍්‍රීඩා කර ඇති අතර ඉන් තරග 9 ක් ජයගත් චෙන්නායි කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 18 ක් ලබාගෙන ඇති අතර, දිල්ලි කැපිටල්ස් ප‍්‍රසාද ලකුණු 16 ක්ද, රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 14 ක් ද ලබාගෙන ඇත. කල්කටා කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 10 බැගින් ලබාගෙන තිබේ.

 පන්ජාබ් කණ්ඩායමත්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමත් ප‍්‍රසාද ලකුණු 8 බැගින් ලබාගෙන ඇති අතර සන්රයිසස් කණ්ඩායමට හිමි ප‍්‍රසාද ලකුණු ගණන 4 කි. පළමු වටයේදී සියලූ කණ්ඩායම් තරග 14ක් බැගින් ක‍්‍රීඩාකිරීමට නියමිත අතර ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් හතර අවසන් ආදියරයට සුදුසුකම් ලබයි.

 සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පෙරේදා පැවැති තරගයේදී ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් ක‍්‍රීඩකයෝ කඩුලූ 7 ක් දැවී ලකුණු 134 ක් ලබාගත් අතර චෙන්නායි ක‍්‍රීඩකයන් අවසන් පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර ගියහ. තරගයේ වීරයා සම්මානය සිය පන්දුවාර 4 තුළදි ලකුණු 24 කට කඩුලූ 3 ක් දවාගත් චෙන්නායි ක‍්‍රීඩක රෝස් හේස්ල්වුඞ්ට හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment