දෝනි අවසන් පන්දුවේදී චෙන්නයි දිනවයි

370

තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 4ට ලකුණු 16ක් අවශ්‍ය තිබියදී හයේ පහරක් සහ හතරේ පහර දෙකක් ද ඇතුළුව එම ඉලක්කය සම්පූර්ණ කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පෙරේදා (21 වෙනිදා) පැවති අයිපීඑල් තරගයේදී සමත් විය.

මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව දෝනි ප්‍රදර්ශනය කළ මෙම දක්ෂතාව හේතුවෙන් තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග 7 න් එකදු තරගයක්වත් ජය නොගත් කණ්ඩායම බවට පත්වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිදුවිය.

මුම්බායි කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු 155 ඉලක්කය හඹා ගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 17ක් අවශ්‍ය විය. ජාදෙව් උන්ඩකට් ක්‍රියාත්මක කළ එම පන්දු වාරයේ පළමු පන්දුවෙන්ම අනෙක් අන්තයේ පිතිකරු දැවී ගිය අතර දෙවැනි පන්දුවේදී ඩ්වේන් බ්‍රාවෝ ලකුණක් ලබා ගැනීමත් සමග පන්දු 4කදී ලකුණු 16ක් ලබා ගැනීමේ ඉලක්කය දෝනි ට හිමිවිය.

එම පන්දු වාරයේ තුන්වෙනි පන්දුවට හයේ පහරක්, හතර වෙනි පන්දුවට හතරේ පහරක් සහ පස්වෙනි පන්දුවට ලකුණු දෙකක් ලබාගත් දෝනිට කණ්ඩායමේ ජයග්‍රහනය සඳහා අවසන් පන්දුවට තවත් ලකුණු හතරක් අවශ්‍ය විය. තම අත්දැකීම්වලින් නිසි ඵල නෙළා ගත් දෝනි එම පන්දුවද හතරේ සීමාවට යොමුකර චෙන්නායි කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දුන් අතර චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මුම්බායි කඩුලු 3ක් ලකුණු 19කට දවා ගත් මුකේෂ් චවුධර් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන මහීෂ් තීක්ෂණ මෙම තරගයේදී ලකුණු 35 කට එක් කඩුල්ලක් දවා ගත්තේය.

ලකුණු සාරාංශය

මුම්බායි කණ්ඩායම 155/7
ටිලක් වර්මා 51, එස්. යාදව් 32
ඩ්වේන් බ්‍රාවෝ 36/2,
මුකේෂ් චවුධර් 19/
චෙන්නායි කණ්ඩායම 156/7
අම්බති රයිදු 40, රොබින් උත්තපා 30, දෝනි නොදැවී 28
ඩැනියෙල් සෑම් 30/4, ජාදෙව් උන්ඩකට් 48/2

advertistmentadvertistment
advertistmentadvertistment