දෝනි චෙන්නායි සුපර් කිංග්ස් නායකත්වයෙන් ඉවත් වෙයි  

368

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙවර ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙහෙයවීමේ නායකත්වයේ වගකීම රවීන්ද්‍ර ජඬේජා වෙත ලබා දී තිබේ.

මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලි ආරම්භ කළ 2008 වසරේ සිට චෙන්නායි සුපර්

කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළ අතර දෝනිගේ නායකත්වය යටතේ සිව් වරක් ශූරතාව දිනා ගැනීමට චෙන්නායි කණ්ඩායමට හැකියව ලැබිණි.

ඉන්දීය පි‍්‍රමියර් ලීග් ඉතිහාසයේදී දෝනිගේ නායකත්වය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ දක්වා තරග 204ක් කී‍්‍රඩා කර ඇති අතර ඉන් තරග 121ක් ජය ගැනීමට සමත්වී තිබේ.

2022 ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලිය ලබන 26 වැනිදා ආරම්භ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment