දෝහා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ”Explore Sri Lanka” – Qatar  MENASA 2022, ‘Years of Culture’ උළෙල

111

”Explore Sri Lanka”- Qatar MENASA 2022, ‘Years of Culture’ නමින් දෙදිනක් මුළුල්ලේ පැවැති ශ්‍රී ලංකාවේ සංස්කෘතික උත්සවයක්, දෝහා-කටාර්හි අධ්‍යාපන නගරයේදී පැවැත්විණි. දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධාන සමග එක්ව මෙම උත්සවය සංවිධානය කළේය.

දෝහා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ''Explore Sri Lanka'' - Qatar  MENASA 2022, 'Years of Culture' උළෙල

ශ්‍රී ලංකාවේ අත්කම් භාණ්ඩ, බතික්, විවිධ පිත්තල භාණ්ඩ සහ වෙස් මුහුණු ආදිය මෙම කුටි මගින් ප්‍රදර්ශනය කෙරිණි. ‘ගමේ කඩේ’ නමැති කුටිය මගින් ශ්‍රී ලංකාවේ විවිධ සම්ප්‍රදායික ආහාර වර්ග රැසක් පැමිණ සිටි අමුත්තන්ට පිරිනමන ලදි. ලෝක මට්ටමේ සුවතා නිකේතන, ඓතිහාසික හා සමකාලීන වශයෙන් වැදගත්කමක් සහිත අරුමු පුදුම ස්ථාන, අව්‍යාජ ආහාර පාන සහ ස්වභාවධර්මයෙන් සහ හරවත් සංස්කෘතියෙන් ආශීර්වාද ලත් අද්විතීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාව සෞඛ්‍යසම්පන්න සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයද මෙම අවස්ථාවට සහභාගී විය.

කටාර් මියුසියම්ස් හි සභාපති වන ෂෙයිකා අල් මයස්සා බින්ට් හමාඩ් බින් කලීෆා අල් තානි මැතිනියගේ ප්‍රධානත්වයෙන් වැඩිදියුණු කරන ලද ‘Years of Culture’ නමැති වාර්ෂික මුල පිරීමට අනුව, කටාර් මියුසියම්ස් සහ කටාර් පදනමේ සහය සහ මග පෙන්වීම මත මෙම සංස්කෘතික උත්සවය සංවිධානය කෙරිණි.

කටාර් හි විදේශ කටයුතු අමාත්‍යාංශය, කටාර් පාපන්දු සංගමය, කටාර් පදනම, කටාර් මියුසියම්ස් ඇතුළු කටාර්හි ප්‍රමුඛ සංවිධාන සමග සහයෝගයෙන් සහ ඊට සහභාගි වූ රටවල දෝහා හි පිහිටි තානාපති කාර්යාලවල සහය ඇතිව මෙය සංවිධානය කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment