ද.කොරියානු චිත්‍රපටයක් නැරඹූ උතුරේ තරුණයන් දෙදෙනකුට මරණය

395

දකුණු කොරියාවේ නිපදවන ලද චිත්‍රපටයක් නැරඹූ උතුරු කොරියානු තරුණයන් දෙදෙනෙකු උතුරු කොරියානු බලධාරීන් විසින් වෙඩි තබා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. උතුරු කොරියාවේ හයිසෙන් ප්‍රදේශයේදී මෙම වයස අවුරුදු 16 හා 17 වැනි වයස්වල පසුවන තරුණයන් මරා දමා ඇත්තේ එම ප්‍රදේශවාසීන් ඉදිරිපිටදී ඉකුත් ඔක්තෝබර් මාසයේදී බව වාර්තා වී ඇත.

ඉකුත් ඔක්තෝබර් මාසයේදී සිදු වූ මෙම තරුණයන් දෙදෙනා මරා දැමීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය විසින් තොරතුරු වාර්තා කර ඇත්තේ ඉකුත් සතියේදීය. දකුණු කොරියානු චිත්‍රපටයක් නැරඹීමේ වරදට ජනතාව ඉදිරියේම නඩු අසා අදාළ තරුණයන් දෙදෙනාට මරණ දඬුවම පනවා ඇති උතුරු කොරියානු බලධාරීන් එම දඬුවම තීරණය කළ විගසම ඔවුනට වෙඩි තබා මරා දමා ඇති බව කොරියානු මාධ්‍ය පවසයි. උතුරු කොරියානු බලධාරින්ට අනුව දකුණු කොරියාවේ නිෂ්පාදිත චිත්‍රපට, නාට්‍ය බෙදාහරින අයට එරෙහිව මෙන්ම සමාජ නීති කඩ කරමින් කිසියම් පුද්ගලයෙකු ඝාතනය කරනු ලබන අයට කිසිදු සමාවක් හිමි නොවන අතර ඔවුන්ට එරෙහිව ලබාදිය හැකි උපරිම දඬුවම වන මරණ දඬුවම ලබාදෙන බව නිවේදනය කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment