ද. කොරියාවේදී තෙරපී මියගිය තරුණයා වෙනුවෙන් මිලියන 9 ක්

276

දකුණු කොරියාවේ සෝල් නුවර පැවැති හැලොවින් උත්සවයකදී තෙරපීමෙන් මියගිය මෙරට මුස්ලිම් තරුණයා වෙනුවෙන් මිලියන 09ක වන්දි මුදලක් ලබා ගැනීමට ක්‍රියා කරමින් සිටින බව අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) කීය.

උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම තරුණයා වෙනුවෙන් යම්කිසි වන්දි මුදලක් ලබා ගැනීමට කටයුතු කරන්නේ දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

එම සිද්ධියෙන් මියගිය තරුණයාගේ මළ සිරුර සෝල් සිට ගෙන්වා ගැනීමට අපේ තානාපති කාර්යාලය හරහා කටයුතු කළා. ඊට පසුව අපි කොරියානු තානාපති කාර්යාලය සමග සාකච්ඡා කළා. ඔවුන් රුපියල් මිලියන 09ක වටිනාකමක් ඇති වන්දි මුදලක් ලබා දෙනවා. ඊට අමතරව මළ සිරුර ලංකාවට ගෙන්වීම සඳහා යම් වියදම් ප්‍රමාණයක් ලබා දීමට එකඟ වුණා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යනවා යැයි අලි සබ්‍රි මහතා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment