‘ද පර්ල් ඔෆ් ද සිල්ක් රූට්’ ග‍්‍රන්ථය අගමැතිට පිළිගන්වයි

185

 ශ‍්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය වසර 6 ක ප‍්‍රගතිය අළලා සකස් කළ ‘ද පර්ල් ඔෆ් ද සිල්ක් රූට්’ (THE PEARL OF THE SILK ROUTE)  ග‍්‍රන්ථය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම ඉකුත් 06 වැනිදා අරලියගහ මන්දිරයේ දී සිදුවිය.
 
 මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලිවෙන් යූ මහතා විසින් ග‍්‍රන්ථයේ මුල් පිටපත අග‍්‍රාමාත්‍යතුමාට පිළිගැන්නුවේය.
 
 ලිවෙන් යූ සහ චාමර රන්මණ්ඩල යන මහත්වරු විසින් රචිත මෙම ග‍්‍රන්ථය පසුගිය වසර 6 ක කාලය තුළ චීන සංස්කෘතික මධ්‍යස්ථානය ඔස්සේ කළ සුවිශේෂී වැඩසටහන්වල ආවර්ජනයකි.
 
 2014 සැප්තැම්බර් 16 වැනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෙරට සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂී ජීං පිං යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් දකුණු ආසියාවේ පළමු චීන සංස්කෘතික මධ්‍යස්ථානය මෙරට දී ආරම්භ විය.
 
 එතැන් පටන් එහි අධ්‍යක්ෂ ලෙස අඛණ්ඩව සේවය කළ ලිවෙන් යූ මහතා සිය සේවා කාලය නිමකොට සිය රට බලායන බවද මෙහිදී අග‍්‍රාමාත්‍යතුමාට සැළකර සිටියේය.
 

advertistmentadvertistment
advertistmentadvertistment