‘ද වොයිස් ශ‍්‍රී ලංකා’ කිරුළ හරිත් විජේරත්නට

573

ශ‍්‍රී ලාංකේය දක්‍ෂතම හඬ පෞරුෂය සොයා ගිය ද වොයිස් ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වැඩසටහනේ අවසන් මහා තරගයේ කිරුළ දිනා ගැනීමට හරිත් විජේරත්න සමත්විය.

මෙම අවසන් මහා තරගය පෙරේදා (11 වැනිද) රාත‍්‍රි සිරස රූපවාහිනි නාලිකාවට අයත් රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම අවසන් මහා තරගයට හරිත් විජේරත්න, මියුරු සෝමරත්න, තිලිණ සුදේශ්, ජුලියස් මිචෙල් යන තරගකරුවන් තේරී පත් වී සිටියහ. ඔවුන් සිය ගායන ප‍්‍රතිභාවන් පේ‍්‍රක්‍ෂකාගාරය කුල්මත් කරමින් ඉදිරිපත් කළහ.

ද වොයිස් ජාත්‍යන්තර වැඩසටහනේ විනිසුරුවන් ලෙස උමාරියා සිංහවංශ, ශෂිකා නිසංසලා, කසුන් කල්හාර ජයවර්ධන, භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් යන ගායන තරු කටයුතු කළහ. පසුව පේ‍්‍රක්‍ෂක වැඩිම මනාපයෙන් ද වොයිස් ශ‍්‍රී ලංකා කිරුළ හරිත් විජේරත්න දිනා ගැනීමට සමත්විය. කලාකරුවන් රැුසක් ඇතුළු ද වොයිස් තරගකරුවන් රැසක් පිරිවරා පැවැති අවසන් මහා තරගය වර්ණවත් කිරීමට සංගීතාංග රැුසක් එක්කර තිබිණි. සම්මානනීය සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ගීත ගායනා කරමින් වොයිස් තරගකරුවන් ඔහුට උපහාර දැක්වූ අතර එහිදී වික්ටර් රත්නායකයන්හට සමරු සිහිවටනයක් පිලිගැන්වීම ද විශේෂත්වයක් විය.

මෙහිදී ජයග‍්‍රාහකයන්හට රුපියල් මිලියන ගණනක ත්‍යාග රැුසක් පිරිනැමිනි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment