‘ද හන්ඩ‍්‍රඞ්’ දෙවැනි අදියරට ශී‍්‍ර ලංකාවෙන් 22ක්

351

එංගලන්තයේදී කි‍්‍රයාත්මක වීමට නියමත ද හන්ඩ‍්‍රඞ් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් කී‍්‍රඩකයන් කෙටුම්පත් කිරීම අද (05 වැනිදා) සිදු කිරීමට නියමිත අතර එ් සඳහා ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයෝ 22ක් ඇතුළත්ව සිටිති.

 මෙවර තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසිය වෙනුවෙන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ද ඇතුළත්ව විදෙස් කී‍්‍රඩකයන් 284ක් ලියාපදිංචි වී ඇති අතර ඊට දේශීය කී‍්‍රඩකයන් 250 දෙනකු ඇතුළත්ව සිටී.

 ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙවර වැඩිම වටිනාකමක් හිමිවී ඇති කී‍්‍රඩකයා බවට වනි`දු හසරංග පත්ව සිටින අතර ඔහු පවුම් 50000ක මූලික වටිනාකමකින් යුත් කාණ්ඩයට ඇතුළත්ව සිටී. මීට අමතරව ශී‍්‍ර ලංකාවේ හිටපු කී‍්‍රඩක තිසර පෙරේරාද මෙවර කී‍්‍රඩක කෙටුම්පත් කිරීමට ඇතුළත්ව ඇති අතර ඔහු පවුම් 40000ක වටිනාකමකින් යුත් කාණ්ඩයට ඇතුළත්ව සිටී. ශී‍්‍ර ලංකා නායක දසුන් ශානකද එම කාණ්ඩයටම ඇතුළත්ව සිටී.

 මීට අමතරව මෙවර කී‍්‍රඩක කෙටුම්පත් කිරීමට ඇතුළත්ව ඇති කී‍්‍රඩකයන් අතරට දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ධනුෂ්ක ගුණතිලක, ලසිත් ඇඹුල්දෙණිය, අවිශ්ක ප‍්‍රනාන්දු, අසේල ගුණරත්න, ලහිරු කුමාර, බිනුර ප‍්‍රනාන්දු, සුරංග ලක්මාල්, ලහිරු මදුශංක, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, දුෂාන් හේමන්ත හා ඉසුරු උදාන ඇතුළත්ව සිටී.

 තරගාවලිය ලබන අගෝස්තු මස 3 වැනිදා සිට සැප්තැම්බර් 3 වැනිදා දක්වා කි‍්‍රයාත්මකවීමට නියමිත තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment