ධනංජයගේ ශතකයෙන් යාපනයට ජය

211

නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කරමින් ධනංජය ද සිල්වා පන්දු පන්දු 120කදී ලබාගත් ශතකය හේතුවෙන් දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 51ක

ජයග‍්‍රහණයක් ලබා ගැනීමට යාපනය කණ්ඩායම ඊයේ (04 වෙනිදා) සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් යාපනය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 8ක් දැවී ලකුණු 266ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලූ නවයක් දැවී ලකුණු 215ක් පමණි.

යාපනය කණ්ඩායමේ අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණි නායක ධනංජය ද සිල්වා සිය ශතකය සඳහා හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණි. ධනංජය ද සිල්වාගේ ඉනිමට සහාය දැක්වූ සන්තුෂ් ගුණතිලක ලකුණු 39ක් සහ රවිදු ප‍්‍රනාන්දු ලකුණු 37ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් කඩුලූ හතරක් සහ දුෂාන් පෙරේරා කඩුලූ දෙකක් දවා ගත්තේය.

යාපනය කණ්ඩායමෙන් ලබාදුන් ලකුණු 260 ඉලක්කය හඹා ගිය දඹුල්ල කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ව ලකුණු 215 කට සීමා කිරීමට වැඩි දායකත්වයක් ලබා දුන් නුවන් ප‍්‍රදීප් කඩුලූ 3ක් දවා ගත්තේය.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් සමීර සඳමාල් ලකුණු 46ක්, දුවිදු තිලකරත්න ලකුණු 42ක් සහ ලසිත් අබේරත්න ලකුණු 35ක් ද ලබා ගත්හ.

ලකුණු සාරාංශය

යාපනය කණ්ඩායම 266/ 8 (50)

ධනංජය ද සිල්වා 101, සන්තුෂ් ගුණතිලක 39, රවිදු ප‍්‍රනාන්දු 37

පන්දු යැවීම

ලහිරු සමරකෝන් 61-4, දුෂාන් පෙරේරා 46-2

දඹුල්ල කණ්ඩායම 215-9 (50)

සමීර සඳමාල් 46, දුවිදු තිලකරත්න 42, ලසිත් අබේරත්න 35

පන්දු යැවීම

නුවන් ප‍්‍රදීප් 40-3, ඉෂාන් ජයරත්න 25-2, දමිත සිල්වා 29-2

advertistmentadvertistment
advertistmentadvertistment