ධනංජයගේ ශතකයෙන් ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිම ගොඩයයි

396

ධනංජය ද සිල්වාගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් කොදෙව්න්නට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවට පත්වෙද්දී ඊයේ (02 වැනිදා) සිය දෙවැනි ඉනිම කී‍්‍රඩා කරමින් සිටි සත්කාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 8ක් දැවී ලකුණු 328ක් ලබා සිටියේය. ඒ අනුව දෙවැනි ඉනිමේදී බටහිර ඉන්දීය කෙදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් සිටීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබිණි.

ඊයේ දිනයේදී සිය 8 වැනි ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා දිනය අවසාන වන විටදී ලකුණු 153ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. පන්දු 259ක් පුරා දිග හැරුණු එම ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් විය. ධනංජයගේ

ශතකයට අනගි සහායක් ලබා දුන් ලසිත් ඇඹුල්දෙණිය ශී‍්‍ර ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසින් පිටියට පිවිස දිනය නිමාවන විටදී ලකුණු 25ක් ලබා නොදැවී කඩුල්ලේ රැුඳී සිටියේය. එම ඉනිමට පන්දු 110ක් වැය වෙද්දී එක හයේ පහරක් එල්ල කිරීමටද ඔහු සමත්වී සිටියේය.

ධනංජය සහ ඇඹුල්දෙණිය අතර 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර එය ගාලූ කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් තරගයකදී 9 වැනි කඩුල්ලට ගොඩනැගුනු ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙසින් සටහන් විය.

ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේ 6 වැනි කඩුල්ලට සාර්ථක සම්බන්ධතාවක් දියත් කළ ධනංජය ද සිලවා සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 51ක් ශී‍්‍ර ලංකා ලකුණු පුවරුවට එක් කළේය. රමේෂ් මෙන්ඩිස් පන්දු 58 කදී එක් හතරේ පහරක් සමගින් ලකුණු 25ක් ලබා ගත්තේය.

තරගයේ සිව්වැනි දිනට ඊයේ තරගය ආරම්භ කරන විටදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 2ක් දැවී ලකුණු 46ක් ලබා කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 3ක් පමණක් පිටුපසින් පසුවිය. එ් අනුව දිනය ආරම්භයේදී නොදැවී පන්දුවට පහර දෙමින් සිටි පැතුම් නිස්සංක සහ චරිත් අසලංකගේ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 34කට සීමා කර දැමීමට වීරස්සාමි පර්මාපල් සමත්විය. එ් අනුව අසලංකගේ ඉනිම ලකුණු 19කට සීමා විය.

තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූ පැතුම් නිස්සංක ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිමේදී ලකුණු 66ක් වාර්තා කළේය. පන්දු 154ක් පුරා පිටියේ රැුඳී සිටි නිස්සංක හතරේ පහර 4ක් එල්ල කිරීමට සමත්විය.

ධනංජයගේ ශතකයෙන් ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිම ගොඩයයි

දඟපන්දු යවන්නන්ට යෝග්‍ය ගාලූ තණතීරුවේ ඊයේ දවස පුරා පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිතිකරුවෝ කොදෙව් පන්දු රකින්නෝ වෙහෙසට පත්කර දැමීමට සමත්වූහ.

පන්දුවාර 39ක් කි‍්‍රයාත්මක කළ වීරස්සාමි පර්මාල්ට එරෙහිව ලකුණු 100ක් රැුස් කිරීමට ශී‍්‍ර ලංකා පිතිකරුවෝ සමත්වෙද්දී කඩුලූ 3ක් ගොදුරුකර ගැනීමට ඔහු සමත්විය. රෝස්ටන් චේස් පන්දුවාර 27ක් කි‍්‍රයාත්මක කරමින් ලකුණු 82ක් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට ලබා දී කඩුලූ 2ක් බිඳ දැමීය.

කොදෙව් නායකයා තමන්ද ඇතුළුව ඊයේ දිනයේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව පන්දු යවන්නන් හත් දෙනකු යොදවාගත් අතර එහිදී පන්දුවාර 5ක් කි‍්‍රයාත්මක කළ ඔහු ලකුණු 11කට ශී‍්‍ර ලංකා ඉනිමේ එක් කඩුල්ලක් බිඳ දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment