ධනංජය යාපනය දිනවද්දී ඕෂධගෙන් ශතකයක්

241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සංවිධාන ශක්තියෙන් සහ ඩයලොග් ආසිආටා අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක නැෂනල් සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (30 වැනිදා) පැවැති තරග දෙකේදී ජයග‍්‍රහණ වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සහ යාපනය කණ්ඩායම සමත්විය. එ් පිළිවෙළින් දඹුල්ල කණ්ඩායම ලකුණු 155කින් සහ ගාල්ල කණ්ඩායම ලකුණු 88කින් පරාජයට පත්කරමිනි.

ඊයේ වාර්තා කළ ජයත් සමගින් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක වෙන්කර ගැනීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමට හැකියාව ලැබිණි. ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වූ යාපනය කණ්ඩායම මේ දක්වා සහභාගි වූ තරග 3න් තරග දෙකක් ජය ගැනීමට සමත් වී ඇති අතර මහනුවර කණ්ඩායමද තරග 3කදී ජයග‍්‍රහණ දෙකක් වාර්තා කරමින් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති මහනුවර – දඹුල්ල තරගයේදී පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ මහනුර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 9ක් දැවී ලකුණු 318ක ඉලක්කයක් දඹුල්ල කණ්ඩායමට ලබා දුන්නේය. එහිදී සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ ඕෂධ ප‍්‍රනාන්දු තරගාවලියේ වාර්තා වූ පළමු ශතකයේ හිමිකාරීත්වය තමාගේ නමට ලියා ගැනීමට සමත්වීම කැපී පෙණුනි. පන්දු 141කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 138ක් වාර්තා කිරීමට ඕෂධ ප‍්‍රනාන්දු සමත්විය. කමිඳු මෙන්ඩිස් පන්දු 53කදී ලකුණු 43ක් සහ ලසිත් කෲසපුල්ලේ පන්දු 17කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 32ක් මහනුවර ඉනිමට එක් කළේය.

ළහිරු සමරකෝන් ලකුණු 87කට මහනුවර ඉනිමේ කඩුලූ 4ක් සහ දුවිඳු තිලකරත්න ලකුණු 40කට කඩුලූ 2ක් බිඳ දැමීය.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ දඹුල්ල කණ්ඩායම පන්දුවාර 42.1කදී සියලූ දෙනා දැවී ලකුණු 163කට සීමා විය. අශාන් පි‍්‍රයන්ජන් පන්දු 79කදී ලකුණු 50ක් සහ අනුක් ප‍්‍රනාන්දු ලකුණු 26කින් දඹුල්ල ඉනිමට දායකත්වය සැපයීය.

මේ අතර යාපනය – ගාල්ල තරගය කොළඹ පී. සාරා ඕවල් කී‍්‍රඩාංගණයේදී කි‍්‍රයාත්මක විය. කාසියේ වාසිය දිනූ ගාල්ල නායකයාගේ ඉල්ලීමට අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම පන්දුවාර 49.5කදී සියලූ දෙනා දැවී ලකුණු 263ක් රැුස් කළේය. එ් අනුව ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය ගාල්ල කණ්ඩායම පන්දුවාර 36.2කදී මුළු ලකුණු 175කට සියලූ දෙනා දැවී ගියේය.

තරගය පුරා කැපී පෙණුන ධනංජය ද සිල්වා ඊයේ දිනයේදී පිත්තෙන් ලකුණු 55ක් සහ පන්දු යැවීමේදී පන්දුවාර 6යි එක් පන්දුවක් කි‍්‍රයාත්මක කරමින් එක් නිලකුණු පන්දු වාරයක් සමගින් ලකුණු 27ට ගාල්ල ඉනිමේ කඩුලූ 4ක් බිඳ දැමීය.

මීට අමතරව යාපනය ඉනිම සවි ගැන්වූ සන්තුෂ් ගුණතිලක පන්දු 110ක් වැය කරමින් ලකුණු 57ක් රැුස් කළේය.

ගාල්ල වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ ජෙහාන් ඩැනියෙල් පන්දු 48ක් තුළදී ලකුණු 36ක් වාර්තා කළ අතර ධනංජය ලක්ෂාන් පන්දු 27කදී ලකුණු 34ක් රැුස් කළේය.

ලකුණු සාරාංශය

මහනුවර – දඹුල්ල

මහනුවර කණ්ඩායම පන්දුවාර 50දී කඩුලූ 9ක් දැවී ලකුණු 318යි ( ඕෂධ ප‍්‍රනාන්දු 138, කමිඳු මෙන්ඩිස් 43, ලසිත් කෲස්පුල්ලේ 32, ළහිරු සමරකෝන් 87/4, දුවිඳු තිලකරත්න 40/2,)

දඹුල්ල කණ්ඩායම පන්දුවාර 42.1කදී සියලූ දෙනා දැවී ලකුණු 163යි (අශාන් පි‍්‍රයන්ජන් 50, අනුක් ප‍්‍රනාන්දු 26, ගයාන් මනීෂාන් 21, පුලින තරංග 39/3, කමිඳු මෙන්ඩිස් 35/2, අසිත ප‍්‍රනාන්දු 16/2,)

යාපනය – ගාල්ල

යාපනය කණ්ඩායම පන්දු වාර 49.5කදී සියලූ දෙනා දැවී ලකුණු 263යි (ධනංජය ද සිල්වා 55, සන්තුෂ් ගුණතිලක 57, නිමන්ද මදුසංක 35, රවිඳු ප‍්‍රනාන්දු 24, සදීර සමරවික‍්‍රම 33, ධනංජය ලක්ෂාන් 37/3, මුදිත ලක්ෂාන් 44/3, හේෂාන් හෙට්ටිආරච්චි 36/2,)

ගාල්ල කණ්ඩායම පන්දු වාර 36.2කදී සියලූ දෙනා දැවී ලකුණු 175යි (ධනංජය ලක්ෂාන් 34, ජෙහාන් ඩැනියෙල් 36, පබසර වඩුගේ 24, හිමාෂ ලියනගේ 21, දුෂාන් විමුක්ති 21, ඉෂාන් ජයරත්න 27/2, ධනංජය ද සිල්වා 27/4, රවිඳු ප‍්‍රනාන්දු 18/1)

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment