ධනවත් රටවල් පරිසරයට මුදාහරින කාබන් වායුව කපා හරින්නැයි ඉල්ලීමක්

112

දේශගුණික විපර්යාසයට හේතු වී කාබන්ඩයොක්සයිඞ් වායුව පරිසරයට මුදාහැරීම අවම කරලීම සඳහා ධනවත් රටවල් විසින් ගෙන ඇති පියවර ප‍්‍රමාණවත් නොවන බැවින් එම ක‍්‍රියාදාමය තවදුරටත් දැඩි කළ යුතු බව ඉතාලියේ මිලාන් නගරයට රැුස් වූ දියුණු වෙමින් පවතින රටවල ඇමැතිවරු කණ්ඩායමක් ධනවත් රටවලින් ඉල්ලීම් කර තිබේ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැත්වීමට නියමිත මීළඟ ‘‘කොප් 26’’ පරිසර සමුළුවට පෙර මිලාන් නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරන ලද ඇමැතිවරුන්ගේ සැසිවාරයක් අමතමින් දියුණු වෙමින් පවතින රටවල ඇමැතිවරුන් පවසා ඇත්තේ ධනවත් රටවල් විසින් පරිසරයට මුදාහරින කාබන් වායුව කපාහැරීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ගයන් දුමක් වැනි සුළු පියවරක් බැවින් එම ක‍්‍රියාමාර්ගයන් තවත් දැඩි කළ යුතු බවයි. ධනවත් රටවල් විසින් පරිසරයට මුදාහරින කාබන් වායු ප‍්‍රමාණය කපා හැරීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ගයන් තවදුරටත් දැඩි කිරීමෙන් 2015 වසරේ පැරිස් සමුළුවේ එකඟ වූ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමේ පවත්වා ගැනීමේ ඉලක්කය ළඟා කරගත හැකි වනු ඇති බව ඇමැතිවරු මෙහිදී අවධාරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment