ධනවත් වෙන්න සූර්යා සේ බබළන්න නැකතක්

240

2022 සැප්තැම්බර් 05 සඳුදා උදේ 11.10ට යෙදෙන ශුභ මූර්තය දකුණු දිශා බලා භාවිතා කිරීමෙන් ඔබේ ආර්ථිකය යළි හිස ඔසවනු ඇති. මෙය ධනය හා ස්ථාවරත්වය උදාකරන යෝගයක් ලෙස හැඳින්විය හැක.

උදා හෝරාව සිකුරු වේ. තවද සිකුරු පංචමක් බුධ ශුක්ජමයක්ද පවතී. බුද එකොළොස්වැන්නේ උච්ච බලයෙන් සිටී. තවද බුධ සිටින්නේ දෙවැන්න වන ධන ස්ථානයේ සිටින සඳුගේ නැකතෙයි. මේ මොහොතේ දහවැන්නාධිපති දහවැන්නේම සිටිමින් ඒවක්ක්‍ෂේත්‍ර බලයද, එම ග්‍රහයා රවි බැවින් දිග් බලයද උදාකර ඇත. හයවැන්නේ රාහු සිටීම සතුරු බල බිඳ දැමීමට හේතුවක් වනු ඇත.

තවද ගුරු පස්වැන්නේ එවක්ෂේත්‍ර බලයෙන් සිටී. ශනි තුන්වැන්නේ ඒවක්ෂේත්‍ර බලයෙන් සිටී. මෙම තත්ත්ව දෙකම යම් සැඟවුණු බලයක් ලබාදෙන අවස්ථාවක් ලෙස ගත හැක.

කෙසේ වෙතත් මෙම නැකත නව ව්‍යාපාර ආරම්භයට, නවතා තිබූ ආර්ථික කටයුතු යළි පණ ගැන්වීමට, මුදල් තැම්පත් කිරීමට, රැකියා භාර ගැනීමට ආදී ක්‍ෂේත්‍රවලට ප්‍රසස්ථයි. එමෙන්ම නිවාස ඉදිකිරීමට, ඒවායෙහි පදිංචි වීමට උළුවහු තැබීමට ආදී නිවාස ආශ්‍රිත නැතහොත් ඉදිකිරීම් ආශ්‍රිත කටයුතුවලටද ඉතා ශුභයි. ජයග්‍රහණය අපේක්‍ෂාවෙන් තරඟකාරී කටයුතුවලට ඉදිරිපත් වීමටද මෙම මුහුර්ථය ශුභයි. ක්‍ෂණික ධනය ලැබීමට, ධනය ආයෝජනය කිරීමට ආදියටද යෝග්‍ය බව පෙනී යයි.

එදින නැකත කේතුට අයත් මුල නැකත වේ. එබැවින් සිකුරු හිමි බරණ, පුවපල්, පුවසල යන නැකත් හිමියන්ට එදින නැකතින් බොහෝ ප්‍රතිඵල නෙළාගත හැකි වේ. ඒ සම්පත් නැකතක් වන බැවිනි. කෙසේ වෙතත් ක්‍ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී නැකැත් වන රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුව, අනුර, උත්‍රපුටුප, දෙට, අස්ලිස, රේවතී යන නැකත් හිමි අයටද ශුභ ඵල ළඟාකරනු ඇත.

රවිගේ බලය සහිත සඳුදා දිනයක් බැවින් ඊට පෙරදින රාත්‍රියේ රන්වන් පාට කොඩි 4ක් බෝධියට පලඳවා එළඟිතෙල් පහන් දල්වා බෝධි පූජා පැවැත්වීම ඉතා ශුභයි.

තවද එහිදී තම ප්‍රාර්ථනාව විශ්වයට මුදාහරින්න.

ධනවත් වෙන්න සූර්යා සේ බබළන්න නැකතක්

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
වාස්තු විද්‍යාඥ ආචාර්ය කැලුම් ගුණතිලක
දු.අංකය – 077-8995353

advertistmentadvertistment
advertistmentadvertistment