ධනුෂ්කගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයැදුම්පතක් – නඩුව යළි 17 වෙනිදා

483

ඔස්ටේ්‍රලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ඉල්ලමින් ඊයේ (14 වැනිදා) නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දෙවැනි ඇප අයැදුම්පත ලබන 28 වැනිදා සලකා බැලීමට එම අධිකරණය තීරණය කර ඇත.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් ඊයේ (14 වෙනිදා) නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ එම ඇප අයැදුම් පත ගොනු කර ඇත.

මේ අතර ධනුෂ්ක ගුණතිලක ට ඇප ඉල්ලමින් පසුගිය 7 වෙනිදා සිඩ්නි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නිෂ්ප්‍රභ වූ ඇප අයැදුම් පත යළි ලබන 17 වැනිදා මහෙස්ත්‍රාත් අධිකරණයේදී සලකා බැලීමට නියමිතය.

ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවේ තරග සංචාරයක නිරතව සිටියදී එරට කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ ධනුෂ්ක ගුණතිලක පසුගිය 06 වැනිදා පොලිස් අත්අඩංගුවට පත්විණි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment