ධනුෂ්කට අධිකරණයෙන් සහනයක්

294

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත ඇප නියමව සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට වට්ස්ඇප් සමාජ මාධ්‍ය භාවිත කිරීමට සහ ඔහුට අවශ්‍ය නම් තමන් රැඳී සිටින නිවසෙන් රාත්‍රී කාලයේදී පිටවීමට ද ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය ඊයෙ (23 වැනිදා) අවසර ලබාදී ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔස්ටේ්‍රලියාවේ පැවති පසුගිය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත ධනුෂ්ක ගුණතිලක එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කෙරිණි.

අනතුරුව මෝසම් ඉදිරිපත් කර ඇප නියම වූ ධනුෂ්ක ගුණතිලක හට වට්ස්ඇප් සමාජ මාධ්‍ය භාවිතය සහ රාත්‍රී කාලයේ දී තමා රැඳී සිටින නිවසින් පිටවී යෑම තහනම් කර තිබුණි. ඊයේ ඉවත් කර ඇත්තේ ඔහුට පනවා තිබූ එම තහනමයි. කෙසේ වෙතත් වෙතත් ධනුෂ්කට එරෙහිව පනවා තිබූ වෙනත් සමාජ මාධ්‍ය ජාල භාවිතයට තිබූ තහනම එලෙසම පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment