ධනුෂ්කට ක්‍රිකට් තහනම්

289

ඔස්ටේ්‍රලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

ධනුෂ්ක ගුණතිලක ඔස්ටේ්‍රලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ. මෙම තහනමට අනුව ඔහුට ඉදිරියේ පැවැත්වෙන කිසිදු තරගාවලියක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවේ.

ඕනෑම ක්‍රීඩකයෙකු කරන මෙවැනි සිදුවීම් සඳහා කිසිදු සහනයක් ලබා නොදෙන බවත් ඒ සඳහා අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට ඔස්ටේ්‍රලියානු බලධාරීන්ට අවශ්‍ය සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳව විනය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර ඔහු යම් හෙයකින් එම සිදුවීමට වැරදිකරු වුවහොත් ඔහුට දඬුවම් ලබා දීමට කටයුතු කරනු ඇත.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment