ධනුෂ්ක නැවතත් අධිකරණයට

153


තරුණියකට අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (07) නැවත සිඩ්නි මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙවර විස්සයි, 20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ගත් ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම ඊයේ (06) ප්‍රතික්ෂේප වී තිබේ.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment