ධනුෂ්ක ගුණතිලක හෙට ඔස්ට්‍රේලියා අධිකරණයට

459


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක ව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් හේතුවෙන් ගුණතිලක ව අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයවෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇත.

ඔහුව හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එම චෝදනාව සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි තීරණයක් ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත්වේල්ස් පොලීසිය සඳහන් කර ඇත්තේ 29 හැවිරිදි කාන්තාවක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් ගැන කරුණු සොයා බැලීමෙන් අනතුරුව 31 හැවිරිදි අයෙක් ව අත්අඩංගුවට ගත් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment