ධනුෂ්ක බලන්න තානාපති හිරගෙදරට

451

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර බන්ධනාගාර ගතකර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ දුක සැප විමසීම සඳහා ඔස්ටේ්‍රලියාවේ තානාපතිවරයා එහි පිටත් කර යැවූ බව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛi දොස්තර අමල් හර්ෂ මහතා දිවයිනට ඊයේ (9 දා) සඳහන් කළේය.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, විදේශ ඇමැති අලිසබ්්‍ර යන මහත්වරුන්ගේ උපදෙස් අනුව තානාපතිවරයා එහි යැවීමට පියවර ගත් බව ද අමල් හර්ෂ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල තරාතිරමට වඩා ඔස්ටේ්‍රලියාවේ බන්ධනාගාර ඉතා හොඳ තත්ත්වයෙන් පවතින නිසා ධනුෂ්කට එහි ගත කිරීමට දුෂ්කර නොවන බව තමාගේ හැඟීම යැයිද හෙතෙම සඳහන් කළේය.

තානාපතිවරයා ධනුෂ්ක මුණ ගැසීමට යවනු ලබන්නේ ඔහුගේ දුක සැප විමසා ඔහුට අවශ්‍ය පහසුකම් ඇතොත් ඒවා ලබාදීමට යැයිද හෙතෙම කීවේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment