ධනුස්කොඩියේ සිට තලෙයිමන්නාරමට පිහිනා ලෝක වාර්තාවක්

161

ඉන්දියාවේ තේනි ප‍්‍රදේශයේ වයස අවුරුදු 14 ක පාසල් සිසුවකු පෝක් සමුද්‍ර සන්ධිය ඔස්සේ ධනුස්කොඩියේ සිට තලෙයිමන්නාරම දක්වා වූ දුර ප‍්‍රමාණය පැය 19 යි විනාඩි 45 ක කාලයක් තුළ පිහිනා පෙරේදා (29 වෙනිදා) නව ලෝක වාර්තාවක් තබා ඇත.

නිතිරාජන් සිනේගන් නමැති මෙම පාසල් සිසුවා මීට පෙර ඉන්දියාවේ පැවති පිහිණුම් තරග ගණනාවකින්ම ජයග‍්‍රහණය හිමි කරගෙන ඇත.

2019 වසරේදී ගෝවේ ප‍්‍රදේශයේ පවත්වන ලද පිහිණුම් තරගාවලියකින් රන් පදක්කම හිමි කරගෙන තිබේ.

ශ‍්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විශේෂ අවසරයක් මත මෙම සිසුවා පිහිනීමේ තරගයට සහභාගී වූ අතර ඉන්දීය නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ද ශ‍්‍රී ලංකාවේ නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවද ඊට පූර්ණ සහයෝගය ලබා දී තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment