ධම්මං සරණං ගච්ඡාමි – දුතියම්පි තතියම්පි

106

(1) සපුරා දස පෙරුම්

    පළ කළ බුදුව            මනරම්

    හරනා බව                බිරම්

    වඳිම් අදරින් අනගි        සදහම් 

    (ගුත්තිල කාව්‍යය)

(2) ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය

ස්වාක්ඛාතෝ, මනාකොට කියන ලද්දකි

සන්දිට්ඨිකෝ – සාන්දෘෂ්ටිකයහ

එනම් ඇස්පනාපිටම පින පිහිටවන්නේමය

අකාලිකෝ, අකාලිකය

එනම් පිනෙහි පිහිටට කල්ගතවීමක් නොවන්නේය

ඒහිපස්සිකෝ ඕපනයිකෝ

පච්චත්තං වේදිතබ්බෝ වික්‍ඳ්ක්‍ඳූහීති

එව! බලනු මැනවි, නිවන් ගෙනදෙන සුළු වූ ගුණයෙන් යුක්ත වන්නේය.

ප්‍රත්‍යක්‍ෂ ඥානයෙනිම දතහැකි දහමකි.

මේ දහම දැන ඉගෙන පිළිපදිමු

දහමට වඳිමු

ධම්මං සරණං ගච්ඡාමි

(03) ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි

ධර්මය දිවි කෙළවර කොට සරණ යමි

දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

(04) යේච ධම්මා අතීතාච

අතීතයේ වූ යම් දහමක් වීද

යේච ධම්මා අනාගතා

අනාගතයේ යම් දහමක් පවතින්නේද

පච්චුප්පන්නාච යේ ධම්මා

වත්මනේ වු යම් දහමක් වේද

අහං වන්දාමි සබ්බදා

ඒ හැම දහම් මම වඳිමි

ධම්මං සරණං ගච්ඡාමි

(05) නත්ථි මේ සරණං අක්‍ඳ්ක්‍ඳං

ධම්මෝ මේ සරණං වරං

මේ උතුම් වූ ධර්මයේ සරණ හැර

වෙන සරණක් මට නොමැත්තේය.

ඒතේන චච්ච වජ්ජේන

හෝතු මේ ජය මංගලං

මේ උතුම් වූ සත්‍ය වචන බලයෙන්

මට ජයමංගල්‍යයක්ම වේවා!

තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි

  1. උත්තමංගේන වන්දේහං

ධම්මංච තිවිධං වරං

ධම්මේ යෝ ඛලිසෝ දොසෝ

ධම්මෝ ඛමතු තං මමං

ඒ තුන් ආකාර වූ ශ්‍රී සද්ධර්මයට මම වඳිමි

මගෙන් යම් වරදක් සිදුවිණි නම්

මට සමාවන සේක්වා!

සාධු! සාධු!! සාධු!!!

රචනය ආචාර්ය අනිල් කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment