ධම්මිකගේ පරිණතභාවයේ දුර්වලකම පේනවා  – ඔහු සාමූහික වගකීම කඩලා – එජාප උපනායක අකිල විරාජ්

495

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැසිනෝ ව්‍යාපාරවලින් නිසි ලෙස බදු අයකර ගැනීමට කැබිනට් අනුමැතිය  ලබාගැනීමත් සමග මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා මහතා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය විමතිය පළ කරයි.

දෙස් විදෙස් ප්‍රබල ව්‍යාපාරිකයන් විසින් මෙරට පවත්වාගෙන යන කැසිනෝ ව්‍යාපාරවලින් දොළොස් වසරක් තිස්සේ නිසි පරිදි බදු අයකර ගෙන නොමැති බවට අගමැතිවරයා පසුගියදා (4 දා) පැවැති කැබිනට් මණ්ඩලයේදී අදහස් දක්වා එය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණි. එවැනි කැබිනට් තීරණයක් හමුවේ කිසිදු පදනමකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතාට මුදල් ඇමැති ධුරයෙන් ඉවත්වන ලෙස ප්‍රකාශ කිරීම විමතිය දනවන කරුණක් ධම්මිකගේ පරිණතභාවයේ දුර්වලකම පේනවා. ඔහු සාමූහික වගකීම කඩලා එක්සත් ජාතික පක්‍ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා ‘දිවයින’ට ඊයේ (7 දා) පැවසීය. ඇමැති ධම්මික පෙරේරා මහතා අගමැතිවරයාට මුදල් ඇමැති ධුරයෙන් ඉවත් වීමට කියනවා නම් එය භාරගන්නේ කවුද? ඉවත්වීමට කියන්නේ කුමන පදනමකින් ද යන්න රට හමුවේ ප්‍රකාශ කළ යුතු බවද කාරියවසම් මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment