ධම්මිකගේ ප්‍රකාශය ගැන  හර්ෂ අසද්දී අගමැති නිහඬයි

709

අග්‍රාමාත්‍යවරයා මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඇමැති ධම්මික පෙරේරා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය මතය කුමක්දැයි සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (6 දා) පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඒ මහතා ඊට නිසි පිළිතුරක් ලබාදුන්නේ නැත.

එහිදී මන්ත්‍රීවරයා සහ අගමැතිවරයා අතර සංවාදය මෙසේය.

හර්ෂ ද සිල්වා මහතා – මේ දැන් වට්ස්ඇප් පණිවුඩයක් ආවා. එමගින් ධම්මික පෙරේරා ඇමැතිවරයා කියලා තිබෙනවා අගමැති ඉල්ලා අස්විය යුතුයි කියලා. ඔබතුමා මොකක්ද ඒ ගැන කියන්නේ?

අගමැති – ආ කමක් නෑ. ඔබතුමාගේ ප්‍රශ්නවලට අපි පිළිතුරු ලබාදුන්නානේ. ආණ්ඩුවේ හිටියා වගේ ඔබතුමාට තව පියවර දෙකයි ඉන්න තිබෙන්නේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment