ධම්මිකට ප්‍රබල කැබිනට් ඇමැති ධුරයක්!

814

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා රජයේ ප්‍රබල වගකීමක් භාර ගැනීමට කැමැත්ත පළ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ‘දිවයින.ට වාර්තා වේ.

මේ අනුව ධම්මික පෙරේරාට විදේශ මුදල් මෙරටට ආකර්ෂණය කර ගැනීමට සම්බන්ධ රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් පිරිනැමෙනු ඇතැයිද මෙරටට විදෙස් ආයෝජන ඇතුළු විදේශ විනිමය

ගෙන්වා ගැනීමේ වගකීම පැවරෙන පරිදි මෙම අමාත්‍ය ධුරය සකස් වනු ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා පත් වීමට නියමිතව ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment