ධම්මික පෙරේරාට එරෙහි පෙත්සම් පහක් අහකට

135

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් පහක වගඋත්තරකරුවන් නොතීසි නිකුත්කර විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21 දා) පස්වරුවේ ප්‍රතික්‍ෂේප කළේය.

ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී එම පෙත්සම් සම්බන්ධයෙන් කරණු දැක්වීම් සිදුකළ අතර ඉන් අනතුරුව බහුතර තීන්දුවකින් එකී පෙත්සම් ප්‍රතික්‍ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වගඋත්තරකාර ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment